Google සමාගම මේ වන විට වසරකට වැඩි කාලයක් තිස්සේ ඔවුන්ගේ බොහෝමයක් apps සහ services සදහා Dark Mode එක ලබා දෙමින් සිටින බව නොරහසක්.
මිට කිහිප දිනකට පෙර Android මත Chrome භාවිතා කරන්නන් හට Google Search results සඳහා dark mode එක ලබාදීමට Google සමාගම කටයුතු කරන බව අප ඔබට වාර්ථා කරා මතක ඇති.

තෝරාගත් Android පරිශීලකයින් සඳහා බොහෝ කාලයක සිට මේ dark mode එක ලබාදීමට කටයුතු කර තිබුණ ද, මේ වන විට Google සමාගම වාර්ථා කර ඇත්තේ සියලුම පරිශීලකයින් සඳහා Google app එකටද dark mode එක නිළ වශයෙන් ලබාදෙන බවයිි.
Tweet පණිවුඩයක් මගින් Google සමාගම විසින් මේ බව තහවුරු කර ඇති අතර අද දින සිට මීළඟ සතිය දක්වා කාලය ඇතුලත Android සහ iOS පරිශීලකයින් සඳහා Google app එකට Dark Mode එක ලබා දෙනු ලබන බවයි.
Starting today & fully rolling out this week, dark mode is now available for the Google App on Android 10 and iOS 12/13. By default, the Google App will reflect your device’s system settings in Android 10 & iOS 13. If that’s set to a dark theme, the app will be in dark mode…. pic.twitter.com/ZqSD33ZhNt
— Google SearchLiaison (@searchliaison) May 19, 2020
මේ අලුත් update එක ඔබගේ device එකට ලැබුණේ නම්, screen එකේ පහතින් pop-up පණිවිඩක් දැක්වෙනු ඇති අතර dark mode theme එක දැන් භාවිතා කළ හැකි බවත්, එය enable කරගන්නා ආකාරය පිළිබඳවත් ඒ හරහා දැනුවත් කෙරෙනවා.

මෑත කාලයේදි බොහෝ තාක්ෂණික සමාගම් battery-save කිරීමේ අරමුණ සහ එයට පරිශීලකයින් දක්වන කැමැත්ත නිසාවෙන් මේ dark mode අංගය තමන්ගේ apps සඳහා එකතු කිරීමට කටයුතු කර ඇති අතර මේ මස මුලදී Facebook සමාගම විසින් සිය web app එකට නව redesign එකක් සමඟින් dark mode එකක්ද නිකුත් කළ අතර මාර්තු මාසයේදී WhatsApp වලද Android සහ iOS පරිශීලකයින් සදහා dark modes එක් කරන ලදී.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.