AI එහෙමත් නැත්තම් කෘතීම බුද්ධිය (Artificial intelligence) කිව්වම එකපාරටම ගොඩක් අයට ඔලුවට එකපාරටම එන්නේ science fiction වගේ සංකල්පයක් වගේ දෙයක්. එත් ඇත්තටම දෛනික ජීවිතය තුළ අපි මුහුණ දෙන බොහෝ දේවල් පිටුපස තියන්නේ මෙන්න මේ AI.

අපි software system එකකට examples ගොඩක් ලබාදීලා, ඒ ඔස්සේ patterns අඳුරගෙන තීරණ ගන්න පුළුවන් තත්ත්වයට පත් කිරීම තමයි මේකේදී වෙන්නේ. උදාහරණයකට ගන්නවා නම්, හැම spam mail එකකම “new weight loss trick!,” කියන වගන්තිය හොයන්න කියනවාට වඩා, අපි spam මිලියනයක් විතර මේ system එකට දෙනවා read කරන්න. එහෙම දීලා, ඒ system එකට අවස්ථාව දෙනවා ඒවායේ තියන පොදු ලක්ෂණ අඳුරගන්න. ඒ හරහා මේ system එකට පුළුවන් වෙනවා spam mail එකක් අඳුරගන්න. මේ patterns අඳුරගන්න පුළුවන් හැකියාවට කියන්නේ machine learning කියලා. අපි බලමු මොනවද මේවායින් අපි එදිනෙදා භාවිතා කරන්නේ කියලා.

## Fun stuff - විනෝදජනක අවස්ථා

  1. “dogs” හරි “hugs” කියලා හරි අපි Google photos library එකේ search කලොත්, ඒ photos අපි කලින් නම් කරලා තිබුණේ නැතත් Google එකට පුළුවන් ඒවා අඳුරගෙන ඔයාට ඕන කරන්නේ මොනවද කියලා තේරුම් ගන්න

  2. Google Play Music එකට පුළුවන් ඔයා වෙනුවෙන්ම, ඔයාගේ ඕනම අවස්ථාවකට ගැලපෙන විදිහේ music playlist ලබා දෙන්න. ඒ කියන්නේ ඔයා රෑ කෑම හදන වෙලාවට එතනට ගැලපෙන සිංදුවක් දෙන්නත්, හවසට ඉර බහින වෙලාවට ඒකට ගැලපෙන සිංදුවක් play කරන්නත් මේ Google Play Music වලට පුළුවන්

  3. Portrait mode on කරලා Pixel 2 එකකින් photo එකක් ගත්තොත් object ඒක focus වෙලා background ඒක blur වෙලා ඉතාමත් හොද output එකක් ලබා දෙනවා. අැත්තටම මේ option ඒක ගොඩක් phones වල dual camera වලින් තමා ලබාගන්නේ. ඒත් Pixel 2 එක single camera එකෙන් මේ option එක අනිත් phones වලට සාපේක්ෂව ගොඩක් තත්වයෙන් උසස්. මේක‍ෙදිත් මෙයලා මිලියනයක් විතර portraits ඒකට ලබා දිලා තියෙනවා මේ machine learning process එක improve කරන්න.

  4. බිලියනයකටත් වඩා YouTube videos වල captions automatically generate කිරීම හා විවිධ භාෂා 10 කට පරිවර්තනය කිරීමටත් මේ machine learning භාවිතා කරනවා

Productivity සහ security

  1. Quickly respond to an email, Smart reply මගින් ලැබු Email ඒක අනුව mail 3ක් suggest කරනවා ඒකෙන් අපිට කැමති mail ඒක තොරලා ඔනිනම් ඒය Edit කර Reply කිරිමේ හැකියාව අැත. Email වලට ඉක්මණින් reply කරන්න, Google එකෙන් සති කිහිපයකට කලින් Smart Reply හඳුන්වලා දුන්නා මතක ඇති. අන්න ඒකට ඕන කරන responses generate වෙන්නෙත් මේ AI භාවිතා කරගෙනයි.

  2. Nudging කියන feature එකත් Google එක අළුතින්ම Gmail වලට හඳුන්වා දුන්න feature එකක්. අපිට reply කරන්න miss වුණු email වලට reply කරන්න මතක් කරන එක තමයි මේකෙන් කරන්නේ. මේ වැඩේ හොඳින් කරන්න ඕන කරන decisions ගන්නෙත් මේ AI systems වලින්ම තමයි.

  3. සැම දිනකදිම Google Play Protect බිලියන 50 කට වඩා app automatically review කරනවා. ඒ් අතරතූරදී යම් කිසි සැකසහිත දෙයක් නිරික්ෂනය උවහොත් ඒ් මොහෙතෙදිම action ඒකක් ගැනිමේ හැකියාවත් මේ system එකට තියනවා. ඒක වෙන්නෙත් මේ AI වල බලයෙන්ම තමයි.

Helping you out in the world

  1. මොකක්හරි sign එකක හරි, එහෙමත් නැත්තම් menu එකක හරි තියන text එකක් ඔයාගේ camera එක මාර්ගයෙන් transate කරලා දෙන්න Google Translator භාවිතා කරන්නෙත් මේ වගේ මිලියන ගණනක examples වලින් train කරපු AI system එකකින්.

  2. ඒ වගේම Google Assistant එකක් මේ වෙනකොටත් ඔයාට භාශා ගනනකින් කතා කරන්න පුළුවන්. මේ භාශා ගණන මේ අවුරුද්දෙදි තවත් වැඩි වෙනවා කියලා Google ලා කියලා තියනවා.

  3. Google Maps හරහා ඔයාගේ car එක park කරන්න කොයි තරම් හැකියාවක් තියනවද කියලා දැනන්නත් මේ AI භාවිතා කරනවා. Parking availability එක මනින්නත්, නගරය තුළ විවිධ වේලාවන් වලදී busy වෙන කොටස් අඳුරගන්නත් මේ system එකට පුළුවන්. ඒ ඔස්සේ ගන්න තීරණ වලින් තමයි ඔයාට අන්තිම otput එක ලැබෙන්නේ.

  4. Google Maps හරහා address එකක් හොයනකොට මොහොතකට හරි හිතුවද මේ හැම දෙයක්ම Google එක දන්නේ කොහොමද කියලා? එයාලා ලඟ තියන බිලියන ගණනක street view images බාවිතා කරලා train කරපු AI system එකකින් තමයි මේ දේවල් වෙන්නෙත්.

  5. Google Lens එකෙන් අපි දකින දකින දේවල් ගැන search කරන්නත්, landmarks, පොත්, චිත්‍ර එහෙමත් නැත්තම් එහාපැත්තේ ගෙදර ඉන්න බල්ලව වුණත් මේකට අඳුරගන්න පුළුවන්.

  6. Google Trips එක්ක ඔයාට පුළුවන් ඔයාගේ travel itinerary එක plan කරන්නත්.

මේ AI ගැන තවත් ගොඩක් විස්තර දැනගන්න පුළුවන් තව ටික වෙලාවකින් පැවැත්වෙන්න නියමිත Google I/O live stream එකෙන්.