Huawei සමාගම විසින් පසුගියදා ඔවුන්ගේ අළුත්ම සේවාව, Huawei Cloud PC යන නමින් CES Asia 2018 හි දී ප්‍රසිද්ධියට පත් කරන්නට යෙදුණා.

මේ සේවාව මගින් සේවාලාභීන්ට සම්පූර්ණ Windows 10 ඔවුන්ගේ mobile devices මතට stream කරගැනීමට අවස්ථාව ලැබෙනවා. මේ අනුව ඔවුන්ට device එක මතදී හෝ එහෙමත් නැත්නම් අදාල mobile device එක විශාල තිරයකට සම්බන්ධ කිරීමෙන් අනතුරුව හෝ සාමාන්‍යය ලෙස Windows 10 බාවිතා කරන ආකාරයට බාවිතා කරන්නට අවස්ථාව ලැබෙනවා.

huawei_cloud_pc_techie

එමෙන්ම මේ virtualized Windows 10 මෙහෙයුම් පද්ධතිය ධාවනය වෙන්නේ මෙම සේවාව සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද servers මතයි. ඒ නිසාවෙන් මේ සඳහා processing power එක අදාල mobile device එකෙන් ලබා ගැනීමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම මේ මගින් කිසිඳු slow වීමකින් තොරව සම්පූර්ණ Windows 10 වල අත්දැකීම ඔවුන්ගේ සේවාලාභීන්ට ලබා දීමට Huawei සමාගමට හැකි වෙලා තිබෙනවා .

මෙහිදී Windows 10 ධාවනය වෙන්නේ ඔවුන්ගේ servers වල වුවත් ඔවුන් අළුතින් හඳුන්වා දෙන Huawei Desktop Protocol එක හරහා mobile device එකේ ඇති file access කරන්නත් camera එක බාවිතා කරන්නත් වගේ දේවල් පහසුවෙන්ම කරගන්නත් පුළුවන්. ඒ වගේම USB Type-C port එක හරහා වෙනත් external display එකකට සම්බන්ධ කිරීමෙන් අනතුරුව mouse එකක් හා keyboard එකක් ද බාවිතා කිරීමෙන් PC එකක් ලෙස මෙය බාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා.

huawei_cloud_pc_big-screen-techie

කොහොම නමුත් මෙය බාවිතා කිරීමට අළුත්ම smartphone එකක් අවශ්‍යය බව තමයි Huawei සමාගම විසින් වැඩිදුරටත් පවසා සිටින්නේ. Huawei P20, Mate 10, Mate RS සහ MediaPad M5 කියන tablet එකට මේ සේවාව මූලික වශයෙන් ලබාදීමට මොවුන් කටයුතු කරනවා. ඒ වගේම මේ සේවාව අාරම්භයේදී චීනයට පමණක් සීමා කිරීමටත් ඔවුන් කටයුතු කරනවා.

මේ Huawei Cloud PC කියන සේවාවට අදාල මිළ ගණන් නම් තාමත් ඔවුන් හරි හැටි ප්‍රකාශ කරලා නැහැ. නමුත් මේ සේවාව වැඩි වශයෙන්ම ව්‍යාපාර ඉලක්ක කරගෙන නිෂ්පාදනය කර ඇති බැවින් මෙහි මිළ ගණන් තරමක් වැඩි විය හැකි බව තමයි බොහෝ දෙනෙක් පවසන්නේ.