Twitter සේවාවට අලුතින් එකතු වුණු Fleets පහසුකම ගැන මීට පෙර කිහිප අවස්ථාවකදීම අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළ අතර, මේ වන විට බොහෝ Twitter පරිශීලකයින් හට මෙම පහසුකම ලබාදීමට ඔවුන් කටයුතු කර තිබෙන බව දැකගත හැකි වෙනවා.

Twitter Stories පළ කිරීමේ හැකියාව ලබාදෙන ‘Fleets’ පහසුකම ඉන්දියාව සඳහා ද ලබාදීමට කටයුතු කරයි
මෙම වසර මුලදී Twitter සමාගම විසින් Fleets නමින් හැඳින්වෙන, Snapchat මගින්inspire වූ stories පහසුකමක් අත්හදා බැලීමට ආරම්භ කරන ලද අතර පසුගිය මාසයේ මෙමපහසුකම ඉතාලියේ පරිශීලකයින්ට ද ලබාදීමට ද Twitter සමාගම කටයුතු කල බව අපි ඔබව මින්පෙර ලිපියක් මගින් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. Instagram Storie…

මේ පහසුකම සාමාන්‍යය පරිදි ක්‍රියාත්මක වෙමින් පැවති නමුත්, මේ වන විට මේ හරහා පළ කරනු ලැබූ ඇතැම් Fleets පැය 24කින් පසුව ස්ව්‍යංක්‍රීයව delete වී නොයන බව වාර්තා වෙනවා.

එමෙන්ම පළකරනු ලැබූ පුද්ගලයාට නොපෙනී මෙම Fleets නැරඹීමට සහ download කරගැනීමටත් වෙනත් පුද්ගලයින් හට මේ Twitter API bug එක නිසාවෙන් හැකියාව ලැබී තිබෙන බව ද වාර්තා වෙනවා.

මේ පිළිබඳව The Verge වෙබ් අඩවියට ප්‍රකාශයක් නිකුත් කරමින් Twitter ආයතනය ප්‍රකාශ කර සිටියේ ඔවුන් මේ පිළි‌බඳව දැනුවත් බවත්, දැනටමත් මේ ගැටළුව විසඳීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ය.

කෙසේ නමුත් මෙලෙස Twitter හරහා පළ කරනු ලබන Fleets වෙනත් පුද්ගලයින් හට පැය 24ක් සඳහා පමණක් නැරඹිය හැකි වුවත්, එම Fleets මෙන්ම ඒවා නැරඹූ පුද්ගලයින් පිළිබඳව ද තොරතුරු Twitter සේවාව විසින් තවත් දින 30ක් දක්වා රඳවා තබාගනු ලබන බව ද වාර්තා වෙනවා.

මෙම දින 30 ඇතුලත යම්කිසි Twitter පරිශීලකයෙකු Twitter Data පහසුකම හරහා තම තොරතුරු download කරගැනීමට කටයුතු කළහොත්, එම තොරතුරු අතර මෙම Fleets වලට අදාල තොරතුරු ද ඇතුලත් වන බව The Verge වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.