Google, Facebook, Microsoft සහ Twitter වැනි ආයතන වලට අදාල platform හරහා පහසුවෙන් data transfer කිරීමේ හැකියාව ලබාදෙන Data Transfer Project නම් වූ ව්‍යාපෘතිය ගැන 2018 වර්ෂයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
මේ ව්‍යාපෘතිය හරහා Facebook වල ඇති ඡායාරූප සෘජුවම Google Photos වෙත transfer කිරීමේ හැකියාව 2020 වර්ෂයේ මුල් භාගය ඇතුලත ලොව පුරා සියළුම Facebook පරිශීලකයන් හට ලබාදීමට මේ වන විට Facebook සමාගම සූදානමින් සිටිනවා.
මූලිකව මෙම පහසුකම අයර්ලන්තයේ පරිශීලකයන් හට ලබාදී පරීක්ෂා කිරීමට මොවුන් කටයුතු කර ඇති අතර මේ වන විට එම පරීක්ෂණ කටයුතු සාර්ථකව සිදු කිරීමට ඔවුන් සමත්ව තිබෙනවා.
Google Photos සමඟින් මුලින්ම මෙම සේවාව අන්තර්ගත කිරීමට කටයුතු කර ඇති නමුත්, ඉදිරියේදී Apple, Microsoft, Twitter සහ වෙනත් සේවාවන් සඳහා ද මෙම පහසුකම අන්තර්ගත කිරීමට Facebook සමාගම කටයුතු කරනු ලබන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
මේ ගැන වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා නිළ Facebook Newsroom වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.