මේ වන තුරු Google Photos වල තිබෙන photos share කිරීමේදී අදාල photos වෙනුවට link එකක් share කිරීමට සිදු වුණු නමුත්, මේ වන විට මේ කාර්යය පහසු කරවීම සඳහා අලුත් පහසුකමක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අනුව Google Photos වලට අලුතින් chat messaging පහසුකමක් අන්තර්ගත කිරීමට කටයුතු කර ඇති අතර Google Photos භාවිතා කරන්නන් අතර chat කිරීමට මෙන්ම, Photos, Videos ආදිය ඉතාමත් පහසුවෙන් share කරගැනීමට මේ හරහා අවස්ථාව ලැබෙනවා.

මේ අලුත් පහසුකම හරහා යවනු ලබන හෝ ලැබෙන photos තමන්ගේ Google Photos gallery එකට save කරගැනීමේ පහසුකම ද ඇතුලත් වන අතර වෙනත් messaging apps හරහා photos යැවීමේදී සිදුවන image compression කටයුත්ත මගහැරෙන නිසාවෙන්, වඩාත් හොඳ quality එකකින් යුතු image එකක් යැවීමට හා ලබාගැනීමට ද අවස්ථාව ලැබෙනවා.

මීළඟ සතිය ඇතුලත මේ අලුත් පහසුකම Android, iOS සහ Google Photos Web app එක භාවිතා කරන්නන් හට ලබාදීමට කටයුතු කරනු ලබන බව Google සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, The Verge වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.