Windows සහ Mac සඳහා Facebook Messenger desktop app එකක් හඳුන්වාදීමට කටයුතු කරයි

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    Facebook සමාගම විසින් ඊයේ දිනයේ, එනම් අප්‍රේල් 2 වැනි දින ඔවුන්ගේ Messenger සේවාව සඳහා Desktop app එකක් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව ඔවුන්ගේ Newsroom වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා.

    පසුගිය මාසයක කාලය ඇතුලතදී desktop browser එක භාවිතා කරමින් Messenger සේවාව භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 100% න් පමණ ඉහළ යෑමක් පෙන්නුම් කළ බවත්, මේ හේතුව නිසාවෙන් MacOS සහ Windows සඳහා desktop app එකක් හඳුන්වාදීමට තීරණය කළ බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

    මේ app එක Microsoft Store එක සහ Mac App Store එක හරහා මේ වන විට download කරගැනීමේ හැකියාව ඇති අතර විශේෂයෙන්ම විශාල screen භාවිතා කරන්නන් හට මේ app එක හරහා ඉතාමත් පහසුවෙන් video calls ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

    මේ වන විට COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් social distancing, එහෙමත් නැතිනම් සමාජයෙන් වෙන් වෙන්ව නිවෙස් වලට වී වාසය කරන බොහෝ දෙනා හට මේ desktop app එක ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.

    මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Facebook Newsroom වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය බාවිතා කළ හැක.