පසුගිය දිනක නවසීලන්තයේ ඇතිවූ කණගාටුදායක ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව Facebook සමාගම විසින් ඔවුන්ගේ live streaming පහසුකම භාවිතා කිරීමේ හැකියාව පිළිබඳව වන නීති තවදුරටත් දැඩි කිරීමට තීරණය කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ සිදුවීමෙන් පසුව අදාල video එක Facebook තුලින් ඉවත් කිරීමට කටයුතු කළ ද නැවත නැවතත් එය Facebook සමාගමේ ග්‍රහණයට හසු නොවන ආකාර වලින් upload කිරීමට බොහෝ දෙනා කටයුතු කරනු ලැබූ බවත්, ඉදිරියේදී මේ ආකාරයේ සිදුවීම් වලින් වැලකී සිටීම සඳහා අවශ්‍යය කටයුතු සිදු කරනු ලබන බවත් Facebook සමාගම ප්‍රකාශ කර සිටිනවා.

මීට ඉහතදී කිසිවෙකු Facebook සමාගමේ නීති පද්ධතියට අනුකූල නොව‍න දෙයක් පළ කළහොත්, අදාල post එක පමණක් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබූ අතර, එය නැවත නැවතත් පළ කිරීමට කටයුතු කළහොත්, යම්කිසි කාළසීමාවකට එම පුද්ගලයාව block කිරීමට Facebook සමාගම කටයුතු කරනු ලැබූ අතර මේ හරහා එම පුද්ගලයාට Live broadcast කිරීමේ හැකියාව ද අහිමි කරනු ලැබුවා.

ඊයේ දින සිට පනවා තිබෙන නව නීති පද්ධතිය යටතේ, Facebook ආයතනයේ නීති පද්ධතියේ බරපතළ rule එකක් බිඳී යන ලෙස කටයුතු කළහොත්, පළමු අවස්ථාවේදීම යම්කිසි කාළසීමාවකට (උදා: දින 30ක් දක්වා) Live පහසුකම භාවිතා කිරීමේ හැකියාව අවහිර කරන බව ඔවුන් පෙන්වා දෙනවා.

උදාහරණයක් ලෙස, යම්කිසි පුද්ගලයෙකු ත්‍රස්තවාදී ප්‍රකාශයක් සහිත post එකක් share කර තිබුණහොත්, එම අවස්ථාවේදීම ඔහුගේ Live පහසුකම භාවිතා කිරීමේ හැකියාව යම්කිසි කාළසීමාවකට අවහිර වෙනු ඇත.

මීට අමතරව මෙම සීමා කිරීම් Live පහසුකමෙන් ඔබ්බට ගෙන ගොස් අනෙකුත් පහසුකම් වලටද හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරනු ලබන බව Facebook සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා universities 3ක් සමඟින් සම්බන්ධ වී කටයුතු කරනු ලබන අතර මේ වෙනුවෙන් ඩොලර් මිලියන 7.5ක පමණ මුදලක් යෙදවීමටත් Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Facebook Newsroom එක හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.