මේ වන විට Facebook වෙබ් අඩවිය, App එක හා Messenger සේවාව අකර්මන්‍යය වී ඇති බනට ලොව පුරා Facebook පරිශීලකයින් විසින් වාර්ථා කර තිබෙනවා.

විශේෂයෙන්ම බටහිර යුර‍ෝපා රටවලට හා ඇමෙරිකානු පරිශීලකයින් රැසක් මෙලෙස වාර්ථා කර ඇතත් මේ වන විට වාර්ථා වන පරිදි ලොව පුරා Facebook පරිශීලකයින් හට මෙම තත්ත්වය උද්ගතව තිබෙනවා.

Downdetector.com සහ Twitter වෙබ් අඩවිය හරහා මේ ආකාරයෙන් විශාල පිරිසක් මේ පිළිබඳව වාර්ථා කර ඇති අතර පෞද්ගලිකව මේ වන විට TechNews Facebook Page එක සමඟ සම්බන්ධ කර ඇති automated posting පහසුකම ද තාවකාලිකව අකර්මන්‍යය වී ඇති බව notification එකක් හරහා අපව දැනුවත් කර තිබෙනවා.

මේ අකර්මන්‍යය වීම පිළිබඳව පැහැදිලි හේතුවක් තවමත් දැනගන්නට නොලැබෙන අතර මෙහි වර්ථමාන තත්ත්වය දැනගැනීම සඳහා downdetector.com වෙබ් අඩවිය භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

‍මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සදහා Forbes සඟරාව, Syracuse වෙබ් අඩවිය හා Down Detector වෙබ් අඩවිය භාවිතා කළ හැක.