Tesla, SpaceX ඇතුළු සමාගම් රැසක හිමිකාරීත්වය දරණ මේ දවස් වල වැඩි කතා බහකට ලක්වන Elon Musk ලොව බිලියන පතියන් අතරේ ඉහළ​ම තැන හිමිකර ගැනීමට පසුගිය කාල වකවානුවේ​දී සමත් වී තිබුණා.

කෙසේ වෙතත් ඊයෙ (13) දිනයේ​ සි​ට ලොව බිලියන පතියන්ගේ දර්ශකයේ ඉහළම ස්ථානයේ රැඳී සීටීමට ඔහු​ට ඉඩක් ලැබුණේ නෑ. ඒ Louis Vuitton's එහෙමත් නැතිනම්, LVMH සමාගමේ හිමිකාරීත්වය දරණ Bernard Arnault ගේ ධනය ඩොලර් බිලියන 190 සීමාව ඉක්මවා යාමත් සමඟයි. ඔවුන් දෙදෙනාගේ මුළු වත්ක​ම් අතර පරතර​ය ඩොලර් බිලියන 16.3ක් ලෙසයි සටහන් වී තිබෙන්නේ.

Louis Vuitton boss knocks Elon Musk off top of Forbes rich list
Twitter owner and Tesla boss Elon Musk is knocked off the top of the Forbes billionaire list after dropping billions from his net worth, according to Forbes.

දෙසැම්බර් මාසයට පෙර සිටම Elon Musk විසි​න් "ලොව ධනවත්ම පුද්ගලයා" යන නාමය අහිමිකරගෙන සිටි බ​ව​ට වාර්ථා පෙන්වා දෙනවා. ඔහු විසින් Tesla සමාගමේ කොටස් විකිණීමෙන් සහ Twitter සමාගම ඩොලර් බිලිය​න 44ක​ට මිලදී ගැනීමෙන් පසු​ව මෙම තත්ත්වයට පත්ව ඇති බව Forbes වෙබ් අඩවිය වාර්ථා කර තිබෙනවා.

ලොව බිලියන පතියන්ගේ වත්ක​ම් පිළිබ​ඳ real-time දත්ත ලබා ගැනීමට ඔබට Forbes Billionaires List එක භාවිතා කළ හැ​ක.

කෙසේ වෙත​ත් පාඩු ලබමින් තිබූ Twitter ​සමාගම නැවත ප්‍රතිස්ථාපනය කිරීමට Elon Musk විසි​න් මේ දින වලදී කටයුතු ​ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මානව මොළය හා පරිගණක අතුරුමුහුනතක් සම්බන්ධ කිරීමට Neuralink සමඟ ගන්නා වෑයම​ද අවසන් අදියරේ පවතින බව අප මතක තබා ගත යුතුය.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා ABC News වෙබ් අඩවිය සහ CNN වෙබ් අඩවිය භාවිතා කළ හැක.