ඔයා Knight Rider series එක බලලා තියනවා නම් අනිවාර්යයෙන්ම දැකලා ඇති KITT මයිකල් ඉන්න තැන හොයාගෙන එතනට තනියම එනවා. ඔන්න දැන් Tesla මෝටර් රථ වලටත් මෙයට සමාන පහසුකමක් ලබාදීම ගැන තොරතුරු වාර්ථා වෙනවා.
Tesla සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා වන Elon Musk ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් මොහු විසින් තම Twitter ගිණුමෙහි පළ කළ tweets කිහිපයක සඳහන් වන ආකාරයට, මේ Tesla මෝටර් රථ වලට තම හිමිකරු සිටින ස්ථානය ඔහුගේ ජංගම දුරකථනය හරහා සොයාගෙන තනිවම එතැනට පැමිණීමේ හැකියාව තව සති 6ක් වැනි කාලසීමාවක් තුලදී ලැබෙනවා.
Also, you’ll be able to drive it from your phone remotely like a big RC car if in line of sight
— Elon Musk (@elonmusk) November 1, 2018
මේ පහසුකම හරහා මෝටර් රථයේ හිමිකරුට තම ජංගම දුරකථනය හරහා අදාල මෝටර් රථය හැසිරවීමේ පහසුකම ද ලැබෙන අතර ස්ව්‍යංක්‍රීයව මෝටර් රථය park කිරීමට හෝ අවශ්‍යය නම් ඔබ පසුපසින් මෝටර් රථයට ද පැමිණෙන ලෙස විධානය කිරීමට ද අවස්ථාව ලැබෙන බව දැනගන්නට ලැබෙනවා.
Tesla advanced Summon ready in ~6 weeks! Just an over-the-air software upgrade, so will work on all cars made in past 2 years (Autopilot hardware V2+).
— Elon Musk (@elonmusk) November 1, 2018
මේ පහසුකම් සියල්ල ඔවුන්ගේ දැනට පවතින Autopilot නමින් හැඳින්වෙන driver assistance system එකට ලැබෙන upgrade එකක් ලෙස "enhanced Autopilot" යන නමින් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
For those unfamiliar, this uses Tesla Autopark/Summon. Slightly smarter version hopefully ready soon. By next year, a Tesla should be able to drive around a parking lot, find an empty spot, read signs to confirm it’s valid & park.
— Elon Musk (@elonmusk) October 31, 2018
එමෙන්ම ඔහු වාර්ථා කරන අන්දමට මේ පද්ධතියේ වැඩිදියුණු කළ සංස්කරණයක් හරහා Tesla මෝටර් රථයකට parking lot එකේ සැරිසරමින් එහි හිස් ඉඩක් ඇති තැනක් සොයාගෙන, නියමිත සංඥා ආදිය හරහා එය park කිරීමට සුදුසු ස්ථානයක් දැයි අවධාරණය කරගැනීමෙන් අනතුරු එය park කිරීමට හැකියාව ලැබෙන බවත්, එම සංස්කරණය ලබන වසර වන විට ලබා දීමට කටයුතු සූදානම් කරනු ලබන බවත් දැනගන්නට ලැබෙනවා.
මේ සියළුම පහසුකම් මූලිකව රඳා පවතින්නේ මෝටර් රථයට අන්තර්ගත කර ඇති neural network එකක් එහෙමත් නැතිනම් කෘතීම බුද්ධියක් හරහා සිදු කරනු ලබන image processing මගින් නිසාවෙන් මෙම පද්ධතිය නිර්මාණය කිරීමට ඔවුන් බළාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත වී තිබෙන බව දැනගන්නට ලැබෙනවා.
කොහොම වුණත් Tesla මෝටර් රථයක් කියන්නේ මේ වන විට වෙළඳපොලේ මිළඳීගැනීමට තිබෙන තාක්ෂණය අතින් ඉතාමත් ඉහළින්ම තිබෙන මෝටර් රථයක් වුවත් ජංගම දුරකථනයක් හා Tablet පරිඝනකයක් භාවිතා කර Tesla Model S මෝටර් රථයක් සොරකම් කළ පුවතක් පවා පසුගිය දවසක වාර්ථා වූ බැවින් මේ තාක්ෂණය ඉතාමත් පරෙස්සමට භාවිතා කළ යුතු වෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා techcrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.