Tesla හා SpaceX යන සමාගම් වල CEO ලෙස කටයුතු කරන Elon Musk විසින් වසර තුනක්-හතරක් ඇතුළත, Tesla බැටරි ඔස්සේ බල ගැන්වෙන Electric Planes හඳුන්වාදීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කරනවා.
කොහොම නමුත් Electric Plane එකක් නිපදවීමට ඔහු අදහස් නොකරන අතර ඔහුගේ අරමුණ වන්නේ, Electric ගුවන්යානා බල ගැන්විය හැකි ලෙස බැටරි තාක්ෂණය දියුණු කිරීමයි.
2019 වසරේදී ඔහු ප්රකාශ කළේ Electric Planes බල ගැන්වීමට තරම් ධාරිතාවකින් යුතු බැටරියක් නිපදවීමට තවත් වසර 5ක් වත් ගතවනු ඇති බව වුවත් පසුගියදා ඔහු ප්රකාශ කළේ මීළඟ වසර 3 හෝ 4 ඇතුළත එම අභියෝගය ජය ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
400wh/KG ධාරිතාවයකින් යුතු බැටරියක් නිපදවෙන ගමන් මගේ මේ වන විට 260wh/KG ක ධාරිතාවයක් දක්වා වූ battery එකක් සාර්ථක කර ගැනීමට කර ගැනීමට ටෙස්ලා හි පර්යේෂකයින් සමත් වී තිබෙනවා.
400 Wh/kg *with* high cycle life, produced in volume (not just a lab) is not far. Probably 3 to 4 years.
— Elon Musk (@elonmusk) August 24, 2020
ජෙෆ් ඩැන්ගේ නායකත්වයෙන් යුත් ටෙස්ලා හි බැටරි පර්යේෂණ කණ්ඩායම ඔවුන්ගේ ඇනෝඩ රහිත Li-ion බැටරි කෝෂයේ ප්රගතිය පිළිබඳ නව පර්යේෂණ පත්රිකාවක් ප්රකාශයට පත් කිරීමෙන් පසුව Elon Musk විසින් මෙම ප්රකාශය කරනු ලැබුවා.
“Electrified urban aviation”(නාගරික විද්යුත් ගුවන් සේවයක්) වුවද මෙම නව තාක්ෂණය සහිත බැටරිය ඔස්සේ බල ගැන්විය හැකි බව ඔවුන් පෙන්වා දෙන අතර මෙම තාක්ෂණය හරහා electric vehicle වල range එක 280km කින් පමණ වැඩි කළ හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.
ලබන මාසයේ දී Tesla සමාගම විසින් සිය "Battery Day" Event එක පැවැත්වීමට නියමිත අතර එහිදී, වඩා හොඳ දීර්ඝ ආයුකාලයක් සහිත බැටරි නිපදවීම සඳහා වන Tesla සමාගමේ සැලසුම් තවදුරටත් විස්තර කරනු ඇතැයි අනුමාන කෙරෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Electrek වෙබ් අඩවිය සහ BusinessInsider වෙබ් අඩවිය භාවිතා කළ හැක.