පසුගිය වසර පුරාවටම Huawei සහ ඔවුන්ගේ උප වෙළඳ සන්නාමයක් වන Honor smartphone ලෝකය පුරා අනෙකුත් නිෂ්පාදකයන්ට වඩා ටිකක් වැඩි වශයෙන් ජනප්‍රිය වුණා මතක ඇති.

බොහෝ විට කළට වේලාවට software updates ලබා දීම, Project Treble සහාය ලබා දීම මෙන්ම ඔවුන්ගේ devices බෙහෝමයකට Android Oreo මෙහෙයුම් පද්ධතිය ලබා දීමට කටයුතු කිරීම නිසාවෙන් එම devices මිළදීගත් පාරිභෝගිකයන් ද සෑහීමකට පත් වුණු බවක් පෙනෙන්නට තිබුණා.

කොහොම වුණත් Huawei ආයතනය විසින් ඔවුන්ගේ devices වල bootloader unlock කිරීමට අවශ්‍යය code එක තවදුරටත් ලබා නොදීමට තීරණය කළ බව දැනට මාස දෙකකට පමණ පෙර නිවේදනය කළා. මේ අනුව අද එහෙමත් නැතිනම් 23/07/2018 තමයි ඔයාට මේ bootloader unlock code එකක් ලබා ගන්නවා නම්, එය ලබා ගැනීමට හැකි අවසාන දවස බවට පත්වෙන්නේ.

huawei-bootloader-unlock-notice-tech-news-sinhala

මේ bootloader එක unlock කිරීම වැදගත් වෙන්නේ ඔබ, ඔබගේ Huawei ජංගම දුරකථනය root කිරීමට අදහස් කරනවා නම් හෝ වෙනත් custom ROM එකක් ස්ථාපනය කිරීම, ARISE හෝ Xposed වැනි වෙනත් modifications ස්ථාපනය කිරීමට අදහස් කරගෙන සිටිනවා නම් පමණක් වන අතර සාමාන්‍යය භාවිතාකරන්නෙකුට මෙය එතරම් වැදගත් නොවනු ඇත.

කොහොම වුණත් AOSP එහෙමත් නැතිනම් Android Open Source Project එක හරහා build කරන ලද pure Android ROM එකක් flash කිරීම හරහා සාමාන්‍යයෙන් EMUI එකට වඩා වැඩි කාර්ය්‍යක්ෂමතාවයක් හා power saving පහසුකමක් අත් විඳීමට හැකියාව ඇති වුවත් මේ EMUI හි ඇති පෙනුමට හෝ එයටම ආවේණික වූ features වලට කැමති අයට මෙය වඩාත් සුදුසු option එකක් නොවනු ඇත.

Huawei devices වල bootloader unlock කිරීම Google හෝ OnePlus වැනි devices තරමින්ම පහසු නොවුණත් එය එතරම්ම අපහසු කාර්ය්‍යයක් ද නොවන අතර ඒ සඳහා Huawei වෙතින් එයට අදාල unlock code එකක් ලබාගත යුතු වෙනවා.

මේ වෙනුවෙන් Huawei account එකක් නිර්මාණය කර ඔබගේ device එකට අදාල තොරතුරු ඇතුලත් කර ක්ෂණිකව අදාල unlock code එක ලබා ගැනීමට මේ දක්වා හැකියාව ලැබී තිබුණා.

වාර්ථා වන තොරතුරු අනුව අනාගතයේදී මෙම bootloader unlock code ලබා දීමට Huawei සමාගම කටයුතු නොකරන අතර මෙම හදිසි තීරණයට හේතුව වී ඇත්තේ ඉහත සඳහන් කළ modification කිරීම මගින් ඇති වන ප්‍රශ්ණ හා ගැටළු හේතුවෙන් ඔවුන්ගේ devices ගැන තිබෙන පාරිභෝගික විශ්වාසය පළුදු වන නිසා බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඉතින් ඔයාගෙත් Huawei හෝ Honor smartphone එකක් තියනවා නම්, root කිරීමට හෝ custom ROM එකක් flash කිරීමට දැනට දැනුමක් නැතත් ඒ ගැන උනන්දුවක් තියනවා නම්, දැන්ම Huawei හරහා ඔයාගේ device එකට අදාල unlock code එක ලබාගෙන තියාගැනීමෙන් අනාගතයේදී මේ ගැන වැඩි විස්තර ඉගෙනගෙන ඔයාට ඕන කරන modifications කර ගන්නට අවස්ථාව ලැබේවි. මේ පිළිබඳ උනන්දුවෙන් පසු වෙනවා නම් xda-developers.com වෙබ් අඩවිය ඔබට බොහෝ වැදගත් වේවි.

එමෙන්ම මේ අවස්ථාවේදී මෙම unlock code එක ලබාගැනීමට නොහැකි වීමෙන් ඔබගේ device එක root කිරීමට අනාගතයේ කිසිඳු දිනයකදී නොහැකි වේවි.

Get Bootloader Unlock Code