Android සඳහා වන Discord beta channel එක සඳහා screen sharing පහසුකම පරීක්ෂා කිරීමට Discord ආයතනය කටයුතු කරන බව අප ඔබව මිට පෙර ලිපියකින් දැනුවත් කළා මතක ඇති.

මේ වනවිට, Discord ආයතනය විසින් තම පරිශීලකයන් හට තවත් නව අංගයක් ලබාදීමට කටයුතු කර ඇති අතර එමඟින් පරිශීලකයින් හට Discord වලින් conversations සිදු කිරීම තවත් පහසු කරනු ලබනවා.
මීට පෙර බොහෝ දෙනෙකු සිටින Discord channel එකක කිහිපදෙනෙකු එකම වේලාවක කතා කරන අවස්තාවක එම conversation එක තරමක් ව්‍යාකූල බවක් ඔබට දැනී තිබෙනවා ඇති. Chat එකේ තවත් පණිවිඩයක් යොමු කිරීමට පරිශීලකයින්ට ඉඩ සලසන “quote” අංගයක් Discord platform මඟින් ලබා දී තිබුණත්, උපුටා ගත් පණිවිඩයට ඉක්මනින් ආපසු යාමේ හැකියාවක් එයට ලබාදී තිබුණේ නැහැ.
මෙම ගැටළුව සඳහා Desktop සහ Mobile පරිශිලකයන් හට "Inline replies" නමින් නව පහසුකමක් එළිදැක්විමට Discord සමාගම මේ වන විට කටයුතු කර තිබෙනවා.
When multiple conversations happen over each other, it can get kind of hectic.
— Discord (@discord) November 16, 2020
Replies are here to breakup the noise and will gradually roll out to all devices throughout the week! Hover over a message on desktop or long press on mobile to reply to that specific message. pic.twitter.com/U8g9KsaXjW
නව පිළිතුරු විශේෂාංගය සමඟ, පරිශීලකයින් හට desktop එක මතදී mouse එක hover කිරීමෙන් හෝ ජංගම දුරකතනයෙන් Discord භාවිතා කරන්නේ නම් long-press කිරීමෙන් “Reply” option එක තෝරාගෙන එම පණිවිඩයට පිළිතුරු දියහැකි අතර ඉහතින් දක්වා ඇති Tweet එකෙහි ඔබට දැකිය හැකි පරිදි, මුල් පණිවිඩයට පසුව පිළිතුරේ ඉහළින්ම දිස්වනු ඇත.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Discord වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.