Android ජංගම දුරකථන වලට Dark Mode එකක් එකතූ වීම Android 10 සමඟ සිදු වූ අතර, නමුත් ඊට පෙර සිටම 3rd party App හා විවිධ ජංගම දුරකථන නිෂ්පාදකයින්ගේ Android Skin සමඟ ඇතැම් විට ඔබ එය අත්විඳින්නට ඇති.

Dark Mode feature එක ගැන තිබෙන ජනප්‍රියම තර්කය වන්නේ, මෙම feature එක enable කිරීමත් සමග ජංගම දුරකතනයේ බැටරි බලය විශාල වශයෙන් ඉතිරි කර ගැනීමට හැකියාව තිබෙන බව යන්නයි.

විශේෂයෙන්ම OLED Display වල, Dark එහෙම නැතිනම් Black යනු Display එක හරහා පෙන්වන වර්ණයක් නොවන අතර, එය Display එක off වී ඇති අවස්ථාව වන නිසා, Display එක ක්‍රියාත්මක වීම සඳහා බැටරි බලයක් අවශ්‍ය වන්නේ නැහැ.

කොහොම නමුත් නවතම අධ්‍යයනයක් මගින්, නිෂ්පාදකයන් විසින් පාරිභෝගිකයන්ට පෙන්වා දෙන ආකාරයේ විශාල බැටරි බලයක් Dark Mode එක නිසා ඉතිරි නොවන බව සොයාගෙන තිබෙනවා.

Dark mode may not save your phone’s battery life as much as you think, but there are a few silver linings
When Android and Apple operating system updates started giving users the option to put their smartphones in dark mode, the feature showed potential for saving the battery life of newer phones with screens that allow darker-colored pixels to use less power than lighter-colored pixels

ඇමරිකා එක්සත් ජනපදයේ Purdue university එක විසින් මෙම පරීක්ෂණය සිදු කර තිබෙන අතර, ඔවුන් විසින් මෙහිදී ජනප්‍රියම Google Apps වෙන Google Maps, Google News, Google Phone, Google Calendar, YouTube සහ Calculator යන Apps, Dark Mode ඇතිව සහ නැති අවස්ථාවන් වල භාවිතා කරමින් සංසන්දනය කර මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.

ඔවුන් මේ සඳහා Google Pixel 2, Pixel 3, Pixel 5 සහ Moto Z3 යන දුරකතන භාවිත කර තිබෙන අතර, මේ සඳහා Per-Frame OLED Power Profiler (PFOP) නම් Development team එක නිර්මාණය කරන ලද tool එකක් භාවිතා කර ඇති අතර එම Tool එක මඟින් Display එකෙහි ඇති එක් එක් Pixel වලට බලය ඇදගන්නා ආකාරය මැනගැනීමට හැකියාව ලැබෙනවා.

එමඟින් ඉහත Apps, Dark Mode එක Active කර ඇති විට මිනිත්තුවක කාලයක් ක්‍රියාත්මක කර එම Apps මගින්, බැටරි බලය ඇද ගන්නා ආකාරය measure කර තිබෙනවා.

එලෙස ලබාගත් දත්ත පදනම් කරගනිමින් Purdue university එක මගින් මෙම නිගමනයට පැමිණ තිබෙන අතර, ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ auto-brightness setting එක භාවිතා කිරීමේදී ‍සාමාන්‍යය පරිශීලකයෙකු නිවස තුළ සිටින විට brightness level එක 30% - 40% අතර මට්ටමක පවතින බවත්, මෙවැනි අවස්ථාවකදී dark mode එක වෙත මාරු වීම හරහා ඉතිරි වන්නේ 3% - 9%ත් තරම් ඉතාමත් කුඩා, පරිශීලකයින්ට දැනෙන්නෙවත් නැති තරම් ඉතාම අවම අගයක් බවයි.

කොහොම නමුත් display එකෙහි brightness level එක 100% මට්ටමේ පවතින විට, මෙලෙස dark mode වෙත මාරු වුවහොත් පමණක් 39% - 49% අතර ප්‍රමාණයක power එකක් save වන බව ද ඔවුන් පෙන්වා දෙනවා.

ආකර්ශනීයම කරුණ වන්නේ 20%ක brightness level එකක් සහිතව light mode එක භාවිතා කරන අවස්ථාවකදී සහ 50% brightness level එකක් යටතේ dark mode එක භාවිතා කිරීම යන අවස්ථා ද්විත්වයේදීම සමාන බැටරි බලයක් වැය වීමයි.

බොහෝ විට පරිශීලකයින් battery save කරගැනීමේ අරමුණින් dark mode එක වෙත මාරු වන නමුත්, එහිදී පහසුවෙන් කියවීම සඳහා brightness level එක ඉහළ දැමීම සිදු කරනු ලබන නමුත් එවැනි අවස්ථා වලදී බොහෝ විට එක සමාන power එකක් වැය වන බව ඔවුන් පෙන්වා දෙනවා.

ඒ නිසා මෙම පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, Dark Mode එක enable කල පමණින් දුරකතනයේ battery බලය ඉතිරි වීම, නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතුවලදී පෙන්වා දෙන තරම් ඉහළ අගයක් නොවන බවයි.

App නිශ්පාදකයින් මුලින්ම Dark Mode එක හඳුන්වාදීම සිදු කරන අවස්ථාව වන විට OLED display එකකට වැය වන power එක පහසුවෙන් තනිව මැනගැනීම සඳහා tools නොතිබුණු බවත්, එහිදී සම්පූර්ණ ජංගම දුරකථනයේ power consumption එක සැළකිල්ලට ගෙන dark mode හරහා battery save වන බවට නිගමනය කර ඇති බවත් මෙම අධ්‍යනය සිදු කළ පිරිස ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් මෙම අධ්‍යනයේදී භාවිතා කල tools හරහා අදාල OLED display වලට පමණක් වැය වූ බැටරි බලය වෙන් කර මැනගැනීමට ඔවුන් කටයුතු කළ බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කොහොම වුණත්, ඔබ බාවිතා කරන දුරකථනය, ඔබ භාවිතා කරන ආකාරය අනුව මෙහි යම් යම් වෙනස්කම් සිදුවිය හැකි අතර, Dark Mode එක On කිරීම මඟින් රාත්‍රි කාලයේ දුරකථනය භාවිතා කිරීමේදී ඔබේ ඇස් වලට වැඩි ආරක්ෂාවක් ලැබෙන බව අමතක නොකළ යුතුයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Makeuseofවෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.