මීට වසර කිහිපයකට පෙර නම් flagship ජංගම දුරකථන වල පවා පිටුපස එක කැමරාවක් හා ඉදිරිපස එක කැමරාවක් ලෙස පමණක් කැමරා module සකස් කර තිබුණ නමුත් වර්තමානයේ නම් එය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.

වර්තමානයේ entry-level උපාංග වල පවා මෙම තනි කැමරා module සංකල්පය වෙනස් වී තිබෙන බව වෙළෙඳපොළට එකතුවෙන නව උපාංග දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් වෙනවා.

කොහොම නමුත් පිටුපස කැමරා 8 ක් තිබෙන ජංගම දුරකථනයක් පිළිබඳව අසන්නට ලැබීම තරමක් හාස්‍යට කරුණක් සේ පෙනුනත් ඇත්තටම එවැනි උපාංගයක් සදහා patent බලපත්‍රයක් ලබා ගැනීමට චීන සමාගමක් කටයුතු කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

කැමරා 8 ක් නැතිනම් octa-camera setup එකක් මෙම උපාංගයේ දැකිය හැකි අතර එය දුරකථනයේ පිටුපස corner වල තරමක angle එකකින් යුතුව design කර තිබෙන බව මෙම ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වෙනවා.

එමෙන්ම එම සෑම camera 2 ක් අතරම LED flasher එකක්ද දැකිය හැකි අතර ඒ හැරුණු විට ඉදිරිපස තිරය ගැන හෝ camera module සම්බන්ධ වෙනත් තොරතුරු හෝ මෙතෙක් හෙළි වී නැහැ.

Lens Technology නම් චීන සමාගමක් විසින් WIPO (World Intellectual Property Organization) වෙත මෙම patent බලපත්‍රය ඉල්ලුම් කර තිබෙන බව LetsGoDigital හි වාර්තාවක් මඟින් හෙළි කර තිබෙනවා.

Lens Technology යනු smartphone නිපදවන සමාගමක් නොවන අතර එය Samsung, Huawei, Apple වැනි සමාගම් වලට OEM (Original equipment manufacturing) කොටස් නිෂ්පාදනය සිදු කරන අතර විශේෂයෙන්ම Apple watch series සඳහා තිර සැපයීම ද සිදු කරනවා.

ඒ වගේම මෙම සමාගම විසින් touch display සඳහා cover glass මෙන්ම camera lens module හා කැමරා කාච ද නිපදවීම සිදු කරන අතර ඒ අනුව lens technology සමාගම විසින් මෙම octa camera module එක සහිතව smartphone එකක් එළිදක්වන්වා වෙනුවට එම තාක්ෂණය වෙනත් සමාගමක් වෙත සැපයීම සිදු කරනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Lets Go Digital වෙබ් අඩවිය භාවිතා කළ හැක.