Twitter යනු අප සෑම දෙනාම පාහේ හොදින්ම දන්නා Social media platform එකක් වන අතර මේ වන විටත් ලොවපුරා පරිශීලයින් මිලියන සංඛ්‍යාවක් twitter භාවිතා කරනු ලබනවා.

අන්තර්ජාලයේ පළවන නවතම වාර්ථා අනුව පැහැදිලි වන්නේ Twitter සමාගම විසින් තම සේවාව තුල අලුතින් podcasting platform එකක් නිර්මාණය කරමින් සිටින බවයි.

Jane Wong විසින් පළකර ඇති ඉහත දක්වා ඇති screenshot එක මඟින් පෙනී යන්නේ Twitter සමාගම bottom navigation bar එකෙහි නව tab එකක් නිර්මාණය කරමින් සිටින බව වන අතර එය podcast සදහා වෙන් කර ඇති බවට පෙන්නුම් කරනු ලබනවා. කෙසේ වෙතත් මෙම විශේෂාංගය නිකුත් වන්නේ කවදාද යන්න පිළිබඳ නිළ සටහනක් තවමත් වාර්ථා වි නොමැත.

Twitter පරිශීලකයින් මෙම නව podcasting section එක පිළිබඳ විවිධ මත මේ වන විටත් පළ කර ඇති අතර සමහර පරිශීලකයින් මෙම නව පහසුකමට වැඩි කැමැත්තක් දක්වනවා වුවත්, බොහෝ අය විශ්වාස කරන්නේ මෙය අනවශ්‍ය ලෙස Twitter භාවිතා කිරීම සංකීර්ණ කරමින් පවතින බවයි.

එසේම, දැනට වාර්ථා වන තොරතුරු අනුව Twitter සමාගම විසින් නිර්මාණය කරන මෙම podcasting section එක ගැන නිවරදි නිගමනයකට ඒමට තරමක් අපහසු වන්නේ Twitter සමාගම විසින් තවමත් මේ පිළිබඳ කිසිදු නිළ ප්‍රකාශයක් කර නැති නිසාවෙනුයි.

කෙසේ නමුත් Twitter සමාගම විසින් අවම වශයෙන් podcast වෙළඳපොළට ඇතුළු වීම ගැන සලකා බලන බව මෙමඟින් පැහැදිලි වන අතර ඔවුන් එසේ ඇතුළු වන්නේ මේ වන විටත් Apple සහ Spotify වැනි ප්‍රධාන තරඟකරුවන් podcast වෙළඳපොළ තුල සිටින විටයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5macවෙබ් අඩවිය භාවිතා කළ හැක.