ඔයාලට මතක ඇති අපි මීළඟ Apple Event එක ගැන මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කරන්නට කටයුතු කළා.
ඒ අනුව ඔන්න අද රාත්රී 10:30 වන විට ඔවුන්ගේ මේ hardware event එක ආරම්භ වීමට නියමිත අතර එය සජීවීම නැරඹීමට හැකියාව ලබා දීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
අැපල් සමාගම කියන්නෙ ටිකක් වෙනස් විදිහට වැඩ කරන දරදඩු සමාගමක් වුණත් මේ වසර තුල එ් දරදඩු බව ටිකක් ගිලිහි යන බවක් පෙනෙන්නට තිබුනා.
එ් වගේම මේ වසරේ පැවති WWDC Event එකට පෙර පැවති Event නැරඹීමේ හැකියාව තිබුනේ Safari Browser එකෙන් පමණයි. එම නිසාම වෙනත් Web Browser භාවිතා කරන Mac OS භාවිතා කරන්න්ගෙන් පවා දැඩි විරෝධතාවයක් එල්ල වුනා. නමුත් මේ වසරේ WWDC Event එකෙදී Edge, Firefox සහ Chrome වැනි web browsers හරහා නැරඹීමේ පහසුකම ලබා දීමට ඔවුන් කටයුතු කර තිබුණා.
අැපල් සමාගම කියන්නෙ Social Network වගේ දේවල් වලින් මිනිසුන්ට එච්චර සමීප වෙන්න හදන සමාගමක් නම් නෙමෙයි. ඒකට හොඳම උදාහරණය වෙන්නේ අැපල් සමාගම සිය නිළ Twitter account එක පටන් අරන් තියෙන්නෙ 2011 වුනත් ඔවුන් එහි profile picture එක පවා set කරන්නේ 2016 වසරේ September 2 වෙනිදා.

අැපල් සමාගමේ නිල Twitter ගිණුමට මිලියන 2 කට අාසන්න Followers ප්රමාණයක් සිටියත් ඔවුගේ Twitter ගිණුමේ කිසිදු Tweet එකක් නම් දක්නට ලැබෙන්නේ නැහැ. profile picture set කිරීමෙන් දින කිහිපයකට පසු ඔවුන් Tweet කිහිපයක් දමා තිබුනත් පසුව එ්වා ඉවත් කිරීමට පියවර ගන්නා ලද අතර එදා සිට මේ දක්වා කිසිම Tweet එකක් අැපල් සමාගම ලබා දීල නෑ.
නමුත් හදිසියේම අැපල් event එක ගැන promoted tweet එකක් මගින් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
Join us September 12 at 10 a.m. PDT to watch the #AppleEvent live on Twitter. Tap ❤️ below and we’ll send you updates on event day. pic.twitter.com/i9mGHTKhvu
— Apple (@Apple) September 10, 2018
Apple සමාගම ඉහත Tweet එකෙහි දක්වා අැති අාකාරයට ඔවුන් තමන්ගේ event එක සජීවීව Twitter හරහා ලබා දීමට කටයුතු කරන අතර එ් සදහා එම tweet එකට like එකක් දැමිය යුතු අතර එලෙස ලයික් කල විට පහත අාකාරයට notification එකකින් අපට Event එක ගැන දැනුම් දෙන බව සනාත කරනවා.
@TechAsela Thank you. We’ll send a reminder before the #AppleEvent on September 12. Reply #stop to opt out. pic.twitter.com/KaUs1mZTyP
— Apple (@Apple) September 12, 2018
ඉතින් මේ විදිහට ටිකෙන් ටික අැපල් සමාගම සමාජශීලී වෙමින් යන බව පෙනෙන්නට තිබෙන අතර සමහර විට ඉදිරි වසර වලදී Apple සමාගම ඔවුන්ගේම නිළ Facebook Account එකක් පටන් ගැනීමටද මේ අනුව හැකියාවක් තිබෙනවා.