පසුගිය කාළසීමාව ඇතුලත අපේ ලිපි අතරින් Apple සමාගම ගැන පළ වූ ලිපි පරීක්ෂා කරලා බැලුවොතින් ඔයාට පෙනේවි මෙය Apple සමාගමට ඒ තරම් හොඳ කාළසීමාවක් නොවන බව.
විශේෂයෙන්ම Qualcomm සමාගම හා Huawei සමාගම සම්බන්ධයෙන් චීනය හා පැවති වෙළඳ ගැටළු, නිසාවෙන් මෙන්ම අලුතින් නිකුත් කළ iPhone XS, XS Max හා XR ජංගම දුරකථන වලට තිබූ ඉල්ලුම අඩු වීම නිසාවෙන් ඔවන්ගේ වෙළඳ කටයුතු වලට විශාල බළපෑමක් සිදු වී ඇති බව දැකගන්න පුළුවන්.
මේ අනුව තම ආයෝජකයන් හට ලිපියක් ලියමින් Apple සමාගමේ ප්රධානියා වන Tim Cook විසින් ප්රකාශ කර සිටින්නේ වසරේ මුල් කාර්තුව තුල දකින්නට ලැබුණු ඉල්ලුමෙහි අඩු භාවය හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 9ක පමන ආදායමක් Apple සමාගමට අහිමි විය හැකි බවයි.
EXCLUSIVE: After cutting Q1 expectations, Apple CEO Tim Cook tells CNBC that the shortfall is primarily in Greater China as trade tensions put pressure on the Chinese economy https://t.co/iOf79ebo17 pic.twitter.com/Lm7Wyp1VOX
— CNBC Now (@CNBCnow) January 2, 2019
මීට අමතරව පැරණි iPhone වල battery life එක රැකගැනීම වෙනුවෙන් performance අඩු කිරීමේ ක්රියාවලිය වටා ගොඩනැගුණු ගැටළුකාරී තත්ත්වය හමුවේ ඔවුන් ඩොලර් 79කට පැවති battery replacement එක ඩොලර් 29කට ලබා දීමත්, අලුත් battery ලබාගත් පාරිභෝගිකයන් අලුත් iPhone එකකට නොයා, තම පැරණි iPhone ම භාවිතා කිරීමෙ පෙළඹුනු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම නිසාවෙන් අනෙකුත් රටවලට එය නරක ලෙස බළපෑමත්, චීනයේ වෙළඳ හැකියාව අහිමි වීමත් මෙන්ම අලුත් iPhone මාදිලි වලට ලැබුණු ඉල්ලුම අඩු වීමත් නිසාවෙන් iPhone වෙළඳාමේ අඩු වීමක් පෙන්නුම් කළත්, අනෙකුත් Apple products වල අලෙවිය 19%කින් පමණ වර්ධනය වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Apple Newsroom වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය (Source 1, Source 2) හා CNBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.