Adobe සමාගමේ සම-නිර්මාතෘවරයා මෙන්ම, PDF තාක්ෂණය ලොවට හඳුන්වාදීමේ පුර‍ෝගාමියෙකු වන Charles Chuck Geschke මහතා ඔහුගේ 81 වැනි වියෙහිදී අභාවප්‍රාප්ත වී ඇති බව Adobe සමාගම මේ වන විට නිවේදනය කර සිටිනවා.

Adobe Co-Founder Dr. Geschke Passes at 81
It is with profound sadness that Adobe (Nasdaq:ADBE) shares the passing of the company’s beloved co-founder, Dr. Charles Geschke. Dr. Geschke passed away on Friday, surrounded by his family. Dr. Geschke co-founded Adobe in 1982 with Dr. John Warnock, a colleague from Xerox. Their first product was A…

දශක ගණනාවක් තිස්සේ Adobe සමාගමට මෙන්ම technology industry එකට මඟ පෙන්වන්නෙකු සහ වීරයෙකු වූ ඔහුගේ මෙම අහිමිවීම අති මහත් පාඩුවක් වන බව Adobe සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Shantanu Narayen මහතා පෙන්වා දෙනවා.

1982 වර්ෂයේ, එනම් Adobe සමාගමේ ආරම්භයේ පටන් 2000 වර්ෂය දක්වා Adobe සමාගමේ සේවය කළ මොහු PDF, Acrobat, Illustrator, Premiere Pro සහ Photoshop වැනි software invensions වලට මඟපෑදුනු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

1986 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිට 1994 වර්ෂයේ ජූලි මාසය දක්වා Adobe සමාගමේ chief operating officer ලෙස සේවය කළ මොහු, 1989 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට ‍2000 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම 1997 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට 2017 වර්ෂයේ ජනවාරි මාසය දක්වා Adobe සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු එයින් පසුව 2020 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා එහි අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.

2009 වර්ෂයේදී එවකට ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වූ Barack Obama විසින් National Medal of Technology යන පදක්කම Charles Geschke මහතාට ප්‍රධානය කිරීමට ද කටයුතු කරනු ලැබුවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Adobe Newsroom වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.