ඇපල් සමාගම මගින් මෑතකදී හදුන්වා දුන් අලුත්ම ඇපල් iPhone XS දුරකතනයේ ඇති A12 Bionic චිප් එක මේ වන විට Smart දුරකතනයක ඇති වඩාත් කාර්යක්ෂම සහ වේගවත්ම Processor එක බවට බොහෝ දෙනා අතර කතාබහට ලක්ව තිබෙනවා.

මෙම චිප් එක සුවිශේෂ වන්නේ මෙහි cores 6ක් ඇතුලත් වෙන අතර එම cores 6 එක් එක් කාර්යන් සදහා වෙන වෙනම ක්‍රියා කරන නිසාවෙනි.

මෙහි ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කටයුතු සදහා cores 2ක් ද වඩාත් කාර්යක්ෂම සහ වේගය වැදගත් කාර්යන් වන Graphics ක්‍රියාකාරකම් සදහා වෙනම cores 4ක් ද වශයෙන් නිර්මාණය කර ඇත.

මෙහි ඇති වඩාත් කාර්යක්ෂම cores 2 කලින් පැවති A11 චිප් එකට වඩා 15% කින් වේගවත් වන අතර ‍අනෙකුත් cores 4 A11 චිප් එකට වඩා 50%ක් අඩු විද්යුත් ශක්ති පරිභෝජනයක් සිදු කරයි. තවද මෙහි 50%ක් Graphics Performance අතින් බලගැන්විමක්ද සිදුව තිබේ.

මෙහි තිබෙන සුවිශේෂිත්වය වඩාත් ඇති කරන්නේ මෙහි ඇති Neural Engine එක මගින් වන අතර එය cores 8ක සැලසුමකට නිර්මාණය කර ඇති අතර එමගින් තත්පරයකට ට්‍රිලියන 5ක ක්‍රියාකාරකම් සිදුකිරීමේ හැකියාවක් ඇත.

එමෙන්ම එය A11 චිප් එකට වඩා 9 ගුණයකින් වේගවත් වන අතර මෙම Neural Engine එක නිසාවෙන් iPhone XS, XS Max සහ XR දුරකථන වල කැමරා වලින් ලබාගන්නා චයාරුප වල ඇති ගුණාත්මක බවද වැඩි කර ගැනීමට හැකි වී ඇත.

මීට සාපේක්ෂව Augmented reality පහසුකම මෙන්ම Smart HDR සහ Advanced Face ID වැනි බොහෝ අධිතාක්ෂණික ක්‍රියාවලි ඉතාමත් වේගවත්ව සහ සුමටව සිදුකිරීම‍ට මෙය උපකාරී වේ.