අද අපි කතා කරන්න යන්නේ ඔයාලා කවුරුත් දන්න දෙයක් ගැන, ඒ තමයි projector. ඉතිං project එකක් කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔෆිස් එකක ගත්තොත් conference එකකදී අපිට මොකක් හරි ස්ලයිඩ් එකක් පෙන්නන්න ඕන උනොත් අපි ප්‍රොජෙක්ටර් එක ලැප් එකට කනෙක්ට් කරලා ඒ හරහා තමයි තිරයකට රූපරාමු අරගෙන පෙන්වන්නේ. මේ දවස්වල ගොඩක් කතා වෙන විදිහට ගෙදරදි පාවිච්චි කරන්න පුලුවන් projector මොනවද කියල ඉතින් අද අපි කතා කරන්න යන්නේ. එහෙම මිලෙන් අඩු ගෙදරදි පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රොජෙක්ටර් එකක් ගැන.

සාමාන්‍යයෙන් අපි ප්‍රොජෙක්ට්ර් එකක් ගැන කතාකරද්දී අනිවාර්යෙන්ම අපිට projector එක පාවිච්චි කරන්න ලැප්ටොප් පරිගණකයක් නැත්නම් අඩුම තරමේ අපගේ smart-phone එක අවශ්‍ය වෙනවා. ඉතින් අද අපි මේ කතා කරන්න යන ප්‍රොජෙක්ට්ර් එක ගැන කිව්වොත් මෙම ප්‍රොජෙක්ටර් එකට එවැනි කිසිදු උපකරණයක් සම්බන්ධ කිරීම අවශ්‍ය නොවේ. මෙහි in-built operating system එකක් අන්තර්ගත වෙනවා. හරියටම කියනවා නම් display එකක් නැති mobile phone එකක් වගේමයි. ඒ වගේම ඕනෑම තැනකට රැගෙන ගොස් අපගේ කාර්යය හොඳින් ඉටු කර ගැනීමට මෙමගින් හැකි වෙනවා.

මෙම projector එකේ වර්ගය වන්නේ Alfawise A8 Projector යන්නයි. මෙහි අඩංගු සුවිශේෂී අංගයන් වන්නේ, ඇස් ආරක්ෂා වන අංගයන්, එල්ඊඞී බල්බයක් (රූප රාමු දැක්වීම සඳහා) අඩංගු වී තිබීම, 4K රූපරාමු නැරඹීමට හැකි වීම, තවද මෙහි අන්තර්ගත ස්පීකරය මගින් sounds මෙම ප්‍රොජෙක්ට්ර් එක මගින් ලබා ගැනීමේ හැකියාව ද ඇත.

ඒ වගේම මේකෙන් අඟල් 100 ක් තරම් ඉඩ ප්‍රමාණයක විසිරුණු projection එකක් අපිට ලබාගන්නත් පුළුවන්. 1GB DDR3 RAM එකක් සහ 8GB ROM එකකිනුත් මේක සමන්විත වෙනවා. ප්‍රොජෙක්ටර් එකක වැදත්ම දේ වෙන්නේ එහි ඇති බල්බයේ එළිය ප්‍රමාණයයි. මෙහි එය 1800 Lumens වශයෙන් සඳහන් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යය ලොකු කාමරයකට මේක හොඳටම ප්‍රමාණවත් වෙනවා. සාමාන්‍යය වෙනත් LED projector එකකට වඩා 80% ක පමණ brightness එකක් මේකෙන් අපිට ලබාගන්න පුළුවන්. ඒ වගේම WiFi, Bluetooth, HDMI සහ RJ45 port එකකින්ද මේක සමන්විත වෙනවා. අපිට ආරංචි වෙන විදිහට මේකේ තියන බල්බයෙන් පැය 20,000ක පමණ කාලයක් ලබාගන්න පුළුවන්.

මෙම ප්‍රොජෙක්ටරය තුළ Android මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වන අතර එය android 6.0 වේ. ප්‍රධාන වශයෙන්ම කාර්යාල වැඩ පහසු කිරීමට සහ නිවෙස් වල වැඩකටයුතු වලට මෙය නිපදවා ඇත.

මෙම ප්‍රොජෙක්ටරය මගින් ඉතා තියුණු රූපරාමු ලබාගත හැකි වන්නේ මෙහි 4k පහසුකම අන්තර්ගතව තිබීම යි. තවද මෙහි අඩංගු ස්පීකරය මගින් නිකුත්වන ශබ්දය අපගේ කනට පැහැදිලිව ඇසෙන සේ මෙම ප්‍රොජෙක්ටරය සකස් කර ඇත. තැනින් තැනට රැගෙන ගොස් තමන්ට අවශ්‍ය කාර්යය උපරිමයෙන් ඉටු කරගැනීමට මෙමගින් හැකිවනු ඇත. මෙහි ඇති තවත් සුවිශේෂී දෙයක් වන්නේ ප්‍රොජෙක්ටරය සඳහා දුරස්ථපාලක උපකරණයක්ද තිබීමයි එමගින් අපට ප්‍රොජෙක්ටරය කටයුතු යම්කිසි දුර ප්‍රමාණයක සිට ද සිදු කර ගැනීමේ හැකියාව උදාවනු ඇත එය තවත් සුවිශේෂී අංගයකි.

ඉතින් ඔයාටත් මේ වගේ එකක ගන්න ඕන නම්, Alfawise A8 Smart Projector කියලා Google කරලා බලන්න.