Android දුරකථනයක් භාවිතා කරන විට බොහෝ දෙනෙකුට ඇතිවන විශාල ගැටලුවක් වන්නේ එහි ඉඩ ප්‍රමාණය මදි වීමයි.

විවිධ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන වල විවිධ storage ප්‍රමාණයන් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස 8GB, 16GB, 32GB, 64GB ආදී වශයෙන් දැක්විය හැක. සමහර ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන වලට memory card එකක් පිටතින් දැමිය හැකි වන අතර සමහර ජංගම දුරකථන වල එසේද කළ නොහැක. ඉතින් අපිට එම අවස්ථාවලදී අපගේ Phone එකේ internal storage එකේ ඇති ඉඩ ප්‍රමාණය පමණක් භාවිතා කිරීමට සිදු වේ.

කෙසේවෙතත් මෙම ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන ටික කලක් භාවිතා කරන විට යම් විදිහක වේගය අඩුවීමක් දක්නට ලැබෙනවා. ඊට අමතරව storage එක අඩු වීමකුත් ද දක්නට ලැබෙනවා.

මෙසේ සිදු වන්නේ ඇයි?

ටික කලක් අපගේ ජංගම දුරකථනය භාවිතා කිරීමේදී එම ජංගම දුරකතනයට ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමේදී සහ එම ජංගම දුරකථනය මගින් අන්තර්ජාලය තුල සැරිසැරීමේදී ජංගම දුරකතනයට අනවශ්‍ය තාවකාලික ෆයිල් රැසක් එකතුවේ. එමගින් එම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය යම්තාක් දුරට වේගය අඩු කිරීමක් කරන අතර storage එක ද අඩු කරයි. මේවා junk ෆයිල් යනුවෙන් හඳුන්වයි.
තවද එම android apps වලින් සෑදෙන cache data ද ඇත. මේ සියලු දේ මගින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය slow කිරීමකට සහ storage අඩු කිරීමකට ලක් වේ.

මේ සදහා අපට කළ හැකි දේ මොනවාද?

Storage එක full වීම නිසා අපට ගත හැකි යම් ක්‍රියාමාර්ග කිහිපයක් තිබෙනවා අප දැන් ඒවා පිළිබඳව කතා කරමු.

  1. පළමුව අපට මේ සඳහා කළ හැකි විශේෂ දෙයක් තිබෙනවා. මෙය ඉතාමත් සීමිත ප්‍රමාණයකට පමණයි සිදු කළ හැක්කේ ඔබගේ ජංගම දුරකථනයෙ Android Marshmallow මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ නම් ඔබට ඔබගේ මෙමරිකාඩ් එක internal storage එක හැටියට සකස් කර ගැනීමේ හැකියාවක් පවතී. එය සිදුකරන අන්දම පහත ලින්ක් එක මත click කර ඔබට නැරඹීමේ හැකියාව ඇත.
  1. අනෙක් ක්‍රමය වන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයේ තිබෙන apps ඔබගේ memory card එකට move කිරීමයි. මෙහිදී සමහර ෆෝන් වල ඔබට එම android apps move කිරීමට system එක හරහාම හැකියාවක් ඇත. එසේත් නැත්නම් ඔබට phone එකත් root කිරීම මගින් ද මෙම කාර්යය ඉටු කරගත හැක.

  2. තවද ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයේ setting මෙනුව වෙත ගොස් device maintenance option එක මත tap කර storage option එක තෝරා එමඟින් storage clear කිරීමෙන් ඔබගේ ජංගම දුරකථනයේ ඉඩ සකසා ගනීමට ගැනීමට ද හැකි වේ.

  3. තවද මේ සඳහා ඔබට කළ හැකි යම් සාර්ථක ක්‍රමයක් ඇත. මේ සඳහා ඔබට Google Play Store එකේ ඇති Clean Master වැනි app එකක් භාවිතා කළ හැකිය. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අභ්‍යන්තරයේ ඇති ජන්ක් ෆයිල් සොයාගෙන ඒවා මකා දැමීම මෙම ඇප් එක හරහා අපහට කරගැනීමට පුළුවන. මෙම ඇප් එකේ full version එක සහ light version එක කියලා ඇප්ස් දෙකක් තියෙනවා. ඔයාලගේ storage එකේ ප්‍රමාණය අනුව ඔයාලට කැමති එකක් ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා.

ඉතින් මෙම ක්‍රම කිහිපය භාවිතා කරලා අපගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනයේ ඉඩකඩ සකසා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.