Artificial Intelligence එහෙමත් නැතිනම් කෘතීම බුද්ධිය විසින් සිත්තමට ලක් කළ ලොව ප්රථම චිත්රය ඇමෙරිකානු ඩොලර් $432,500 ක ලංසුවකට විකිණී ගොස් තිබෙනවා.
#AuctionUpdate The first AI artwork to be sold in a major auction achieves $432,500 after a bidding battle on the phones and via ChristiesLive https://t.co/XiDVxVGa1n pic.twitter.com/7dxirT55i8
— Christie's (@ChristiesInc) October 25, 2018
ප්රංශ ජාතික සිසුන් තිදෙනෙකු විසින් නිර්මාණය කළ machine learning algorithm එකක් වන GAN එහෙමත් නැතිනම් generative adversarial network යන නමින් හැඳින්වෙන කෘතීම බුද්ධිය හරහා මෙම artwork එක නිර්මාණය කර තිබෙන අතර මේ වෙනුවෙන් අදාල පද්ධතිය පැරණි සිතුවම් රාශියක් සහිත dataset එකක් භාවිතා කරමින් train කර තිබෙනවා.
මෙලෙස train කරනු ලැබූ GAN පද්ධතිය හරහා නිර්මාණය කළ පළමුවැනි චිත්රය මෙය වන අතර Obvious නම් වූ චිත්ර එකතු කරන්නෙකු විසින් මෙම චිත්රය print කිරීමෙන් අනතුරුව එය රාමු කර මෙය ඇඳීම සඳහා භාවිතා කළ algorithm එකෙහි කොටසක් ආධාරයෙන් එහි අත්සනක් ද තැබීමට කටයුතු කර තිබෙනවා.

මෙම වෙන්දේසිය සිදු කර ඇත්තේ වසර 252ක් පමණ පැරණි වෙන්දේසි ශාලාවක වන අතර මෙම චිත්රය සඳහා මූලිකව බළාපොරාත්තු වී තිබෙන්නේ ඩොලර් 7,000ත් - 10,000ත් අතර ප්රමාණයක වටිනාකමක් බවත් දැනගන්නට ලැබෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය හා christies වෙබ් අඩවිය භාවිතා කළ හැක.