පසුගිය දින කිහිපය තුළ ලොව පුරා ඡායාරූප ශිල්පීන් ගණනාවක් විසින් Twitter, Reddit සහ Photoshop feedback forums හරහා ප්රකාශ කර සිටියේ Lightroom app එක හරහා ඔවුන්ගේ ඡායාරූප delete වී ගොස් ඇති බවයි.
I can’t believe I lost 2+ years of edits due to the Lightroom mobile update from Lightroom
Adobe සමාගම විසින් Lightroom app එක භාවිතා කරන iOS පරිශීලකයින් හට ලබාදුන් 5.4.0 සංස්කරණය සහිත update එක හරහා මෙලෙස ජංගම දුරකථනයේ ඇති ඡායාරූප සහ Lightroom Presets delete වී ගොස් ඇති අතර මේ වන විට Adobe සමාගම ද මෙම ගැටළුව පිළිබඳව නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කොහොම නමුත් Lightroom 5.4.1 සංස්කරණය හරහා මෙම ගැටළුව නිරාකරණය කිරීමට මොවුන් කටයුතු කර ඇති අතර මෙලෙස අපහසුතාවයට ලක්වූවන්ගෙන් සමාව ඉල්ලා සිටීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.
Did anyone else lose all your @Adobe @Lightroom photos and presets with their last update?! 😭 This is literally the worst. I lost 800 pictures and all my paid presets (which are worth hundreds of dollars.) All they have to say is we apologize. 🤯 pic.twitter.com/5xGsJ3nEaR
— Lauren Lambert (@llambert89) August 20, 2020
මේ ගැටළුව ඇති වී තිබෙන්නේ Lightroom app එක භාවිතා කරනු ලබන, එනමුත් Adobe Cloud subscription එකක් භාවිතා නොකරන පරිශීලකයින් හට සහ Cloud subscription එකක් තිබුණ ද, upload කර නොතිබූ පරිශීලකයින් හට වන අතර මෙලෙස අගතියට පත් එක් පරිශීලකයෙකුගේ ඡායාරූප 800කට අධික ප්රමාණයක් සහ paid presets ගණනාවක් ද මෙලෙස මැකී ගොස් ඇති බව වාර්ථා වෙනවා.
Adobe සමාගම පෙන්වා දෙන්නේ Adobe cloud සේවාවට upload වී නොමැති, මෙලෙස මැකී ගිය ඡායාරූප හා presets නැවත ලබාගැනීමට හැකියාවක් නොමැති බවත්, ඇතැම් විට iPhone හෝ iPad backups වල එම දත්ත ඇති නම් ඒ හරහා මෙ දත්ත ලබාගැනීමට කටයුතු කළ යුතු වන බවයි.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.