2019 වර්ෂයේදී Super Mario game එකේ original copy එකක් ඇමෙරිකානු ඩොළර් 100,150ක මුදලකට වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Super Mario game එකේ Original copy එකක් ලෝක වාර්ථාවක් තබමින් ඩොලර් 100,150 කට අලෙවි වෙයි
Super Mario [https://en.wikipedia.org/wiki/Super_Mario_Bros.] ගැන මේ වන විටනොදන්නා කෙනෙකු නොමැති තරම් වන අතර, මේ video game එක මීට වසර 33කට පමණ පෙරනිර්මාණය කළ, ඉන් පසු ලොව පුරාම ඉතාමත් ප්‍රසිද්ධියට පත් වූ video game එකක්. මේ classic video game එක මුලින්ම Nintendo සමාගම[https://en.wikipedia.org/wiki/Nintendo…

මෙය ලෝක වාර්තාවක් තැබීමට සමත් වූ අතර, පසුව Super Mario Bros. game එකේ seald copy එකක් නැවතත් ඇමෙරිකානු ඩොළර් $660,000ක මිලකට වෙන්දේසි කරනු ලැබුවා.

ඔන්න දැන් මේ වාර්ථාවත් බිඳහෙලමින් 1987 වර්ෂයේ නිකුත් කළ The Legend of Zelda game එකේ seald copy එකක්, එහෙමත් නැතිනම් open නොකරන ලද copy එකක් ඇමෙරිකානු ඩොළර් $870,000ක මුදලකට ‍අලෙවි කිරීමට Heritage Auctions ආයතනය සමත් වී තිබෙනවා.

මෙම copy එක මූලිකව 1987 නිකුත් කළ බවත්, 1988 වර්ෂයේදී මෙම title එක “Rev-A” නම් වූ තවත් variant එකකින් replace කිරීමට Nintendo සමාගම කටයුතු කළ බැවින් මාස කිහිපයක් මුළුල්ලෙහි පමණක් නිකුත් වුණු මෙය ඉතාමත් දුර්ලභ ඝනයේ game copy එකක් බවත් Heritage Auctions ආයතනය වාර්තා කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Heritage Auctions වෙබ් අඩවිය භාවිතා කළ හැක.