Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය වන Windows 10X මෙහෙයුම් පද්ධතිය සහ එහි ඇතුලත් වන අලුත් පහසුකම් කිහිපයක් පිළිබඳවත් මීට පෙර අවස්ථාවකදී TechNews.LK පාඨක ඔබව දැනුවත් කිරීමට අපි කටයුතු කළා මතක ඇති.

මෙම මෙහෙයුම් පද්ධතිය අපි එදිනෙදා භාවිතා කරන සාමාන්‍යය පරිගණක ඉලක්ක කරගෙන නිර්මාණය කරනු ලැබුවක් නොවන අතර මේ සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ පරිගණක සමඟින් පමණක් නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බව ද අපි මීට පෙර සඳහන් කළා.
එමෙන්ම මේ දක්වා Microsoft සමාගම විසින් මෙම අලුත් මෙහෙයුම් පද්ධතියෙහි කිසිඳු release එකක් සිදු කිරීමට කටයුතු නොකලත්, මේ වන විට මෙහි near-final release එකක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී ඇති බව වාර්තා වෙනවා.
මෙම මෙහෙයුම් පද්ධතිය Google සමාගමේ Chrome OS එකට සමාන අයුරින් නිර්මාණය කර ඇති අතර මීට පෙර තිබුණු Windows 10S මෙහෙයුම් පද්ධතියට මදක් සමාන කමක් දක්වන්නේ මේ අලුත් Windows 10X මෙහෙයුම් පද්ධතියේද සාමාන්‍යය Windows softwares, එනම් Win32 applications run කිරීමේ අවස්ථාව ඉවත් කර ඇති බැවිනි.
View post on imgur.com
මූලිකම මෙම මෙහෙයුම් පද්ධතිය dual screen devices ඉලක්ක කරගෙන නිර්මාණය කරනු ලබන බව වාර්තා වුවත් මේ වන විට Microsoft සමාගමේ එම සැළසුම මදක් වෙනස් වී ඇති බව දැනගන්නට ලැබෙනවා.
Here's your first look at Windows 10X for single-screen PCs. I should hopefully have more to share very soon :) pic.twitter.com/irkbMC5w5n
— Zac Bowden (@zacbowden) January 13, 2021
ඒ අනුව බොහෝ විට මෙම වසරේ දෙවැනි කාර්තුවේ මුල් භාගයේදී single screen device එකක් සමඟින් මෙම මෙහෙයුම් පද්ධතිය එළිදැක්වීමට කටයුතු කරනු ඇති බව Softpedia වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය සහ Enadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.