ස්විට්සර්ලන්තය පදනම් කරගත් Mobile payment company එකක් වෙන SQWIN SA සමාගම විසින් patent බලපත්‍ර උල්ලංඝනයක් සම්බන්ධයෙන් samsung සමාගමට චෝදනා ගොනු කර ඇති අතර, ඒ අනුව පවරන ලද නඩුවකට ලබා දි ඇති තාවකාලික දඬුවමක් නිසා සිය Flagship දුරකථන 61 ක් පමණ රුසියාවේ අලෙවි කිරීම අතහැර දැමීමට Samsung සමාගමට සිදු වී තිබෙනවා.

Samsung flagship දුරකථන සමඟ ලැබෙන feature එකක් වෙන Samsung Pay පහසුකම සහිත මෘදුකාංගයට අදාළ patent බලපත්‍රය තම සමාගම සතු උවත්, Samsung එය නොසළකා ඔවුන්ගේ උපාංග වලට මෙම Mobile payment පහසුකම Samsung Pay නමින් Re-name කර අලෙවි කර බව SQWIN SA සමාගමේ චෝදනාවයි.

මෙම ආරවුල හේතුවෙන් මොස්කව් බේරුම්කරණ අධිකරණය විසින් මෙම පහසුකම සහිත Galaxy දුරකථන මාදිලි 61 ක් රුසියාව තුළ අලෙවි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.

මේ අනුව Galaxy Z Flip, Samsung Galaxy Fold, Samsung Galaxy Z Fold 2, Samsung Galaxy S21, Samsung Galaxy S21+, Samsung Galaxy S21 Ultra 5G, Samsung Galaxy S20 FE, Samsung Galaxy S20, Samsung Galaxy S20+, Samsung Galaxy S20 Ultra, Samsung Galaxy S10e, Samsung Galaxy S10, Samsung Galaxy S10+, Samsung Galaxy S10 Lite, Samsung Galaxy S9, Samsung Galaxy S9+, Samsung Galaxy S8 මාදිලි වලට මෙම තීරණය සෘජුවම බලපානු ඇති.

කොහොම උනත් මාසයක් ඇතුළත Samsung සමාගමට මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කල හැකි අතර, එහිදී ලබා දෙන තීරණය අනුව මෙම සිදුවීමේ ඉදිරි දිශානතිය තීරණය වෙනු ඇති.

2013 දී Victor Gulchenko මහතා විසින් mobile payment system එකක් විස්තර කර patent බලපත්‍රයක් ගොනු කරන ලද අතර පසුව 2019 දී එය ලියාපදිංචි කර මෙම ස්විට්සර්ලන්ත සමාගමට ලබා දී තිබෙනවා.

කොහොම උනත් Samsung සමාගම විසින් Samsung Pay පහසුකම හඳුන්වාදී තිබෙන්නෙ 2015 දී වෙන අතර 2016 දී ඔවුන් විසින් එය රුසියානු වෙළඳපොලට හඳුන්වා දී තිබුණා.

ඒ අනුව දැනට රුසියාව තුළ Mobile payment පහසුකම භාවිතා කිරීමේ අගය ගත්කල Samsung pay විසින් 17% ක වෙළඳපොල ප්‍රතිශතයක් හිමිකරගෙන තුන් වන තැන සිටින අතර, Apple pay 30% ක් හිමිකරගෙන දෙවන තැනත්, 32% හිමි Google Pay මෙහි පළමු තැනත් සිටිනවා.

එමෙන්ම SQWIN SA සමාගම මීට පෙරද Apple Pay හා Google Pay වලට එරෙහිවද නඩු පවරා තිබීම කැපී පෙනෙන කරුණක් වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSMArenaවෙබ් අඩවිය සහ SamMobile වෙබ් අඩවිය භාවිතා කළ හැක.