YouTube Verification Policy එක වෙනස් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව YouTube CEO සමාව ඉල්ලයි
Subscribers ලා 100,000 ඉක්මවූ YouTube channel සඳහා verification badge එක ඉල්ලීමේ හැකියාව මේ වන තුරු ලබා දී තිබුණත්, පසුගිය සතිය තුළදී මේ verification program එක සඳහා වන criteria එක වෙනස් කිරීමට YouTube ආයතනය තීරණය කර තිබුණා.
මේ අනුව අලුතින් verification badge එක ලබාගැනීමට නම්, 100,000 subscribers සීමාව ඉක්මවා තිබුණ ද එම channel එක සැබෑ ලෙසම නිර්මාණය කළ තැනැත්තා අදාල අවස්ථාව වන විටත් එහි අයිතිකරු වන බව හෝ ඔහුගේ අනන්‍යයතාවය ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම් එය ලබාගත නොහැකි වෙනවා.
එමෙන්ම මේ criteria එක meet කළ නොහැකි channel වලින් දැනට ලබා දී ඇති verification badge එක ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බව ද ඔවුන් පසුගිය සතිය තුලදී බොහෝමයක් YouTube Channel හිමියන් වෙත දැනුම් දී තිබුණා.
I think @YouTube hit the wrong button again. I meet every one of their requirements for verification. Don't worry, I appealed it & provided 20+ links to sites worldwide including @businessinsider that featured & I literally own my trademark. #YouTube
— Barnacules Nerdgasm 🎥🎬🎙️🕹👨💻 (@Barnacules) September 19, 2019
This better be a mistake... pic.twitter.com/vmMQaRcnvy
කොහොම වුණත් ලොව පුරා YouTuber වරුන්ගේ දැවැන්ත විරෝධය හමුවේ මෙම තීරණය ගැනීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට YouTube ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරිනිය වන Susan Wojcicki ප්‍රකශයක් නිකුත් කර තිබෙන අතර, එම නීති කෙරෙහි නැවත අවධානය යොමු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා.
To our creators & users–I’m sorry for the frustration & hurt that we caused with our new approach to verification. While trying to make improvements, we missed the mark. As I write this, we're working to address your concerns & we’ll have more updates soon.
— Susan Wojcicki (@SusanWojcicki) September 20, 2019
මේ අනුව දැනට verification status එක ලැබී ඇති කිසිඳු channel එකකට එය අහිමි නොවනු ඇති බවත්, පෙර මෙන්ම සියළුම කටයුතු නැවතත් සිදු කිරීමට නියමිත බවත් ඔවුන් පෙන්වා දෙනවා.
කොහොම නමුත් අදාල channel එක පිළිබඳව පෙරට වඩා ගැඹුරින් සොයාබැලීමට YouTube ආයතනය කටයුතු කරනු ලබන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මීට අමතරව ලබන වසරේ සිට YouTube Creator වරුන් සහ Artists වරුන් හට ලබා දී තිබුණු verification badge එක ඉවත් කර verification status එක පෙන්වන ආකාරය වෙනස් කිරීමට ද මොවුන් තීරණය කර තිබෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ YouTube Creators Blog එක, The Verge වෙබ් අඩවිය හා Gadgets360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.