ඔබ මේ වන විටත් ඔබේ පරිගණකයේ Mozilla Firefox Web Browser එක භාවිතා කරනවා නම්, එය වහාම අලුත්ම සංස්කරණයට update කරගන්නා ලෙස Mozilla ආයතනය විසින් දන්වා සිටිනවා.

ඔබගේ Firefox සංස්කරණය Firefox 67.03 හෝ Firefox ESR 60.7.1 නොවන්නේ නම්, මෙම සංස්කරණ වලට update කරගැනීම හරහා හැකර්වරුන් හට ඔබේ පරිගණකයට සම්බන්ධ විය හැකි අවධානම්කාරී දුර්වලතාවයක් මගහරවාගැනීමට හැකි වන බව ඔවුන් පෙන්වා දෙනවා.

Firefox වලදී JavaScript වල Array.pop method එක handle කරන ආකාරයේ ගැටළුවක් නිසාවෙන් වෙබ් අඩවියක් load කරවීම හරහා ඔබගේ පරිගණකයට විවිධ අනතුරුදායක code inject කිරීමට හැකර්වරුන් හට අවස්ථාව ලැබෙන බවත්, මේ දුර්වලතාවය භාවිතා කරමින් මේ වන විටත් සිදු වන attack පිළිබඳව වාර්ථා වී ඇති බවත් Mozilla ආයතනය වැඩිදුරටත් දන්වා සිටිනවා.

ඉහත link භාවිතා කර ඔබගේ මෙහෙයුම් පද්ධතියට අදාල අලුත්ම Firefox version එක install කරගැනීම හෝ, Firefox වල ඇති hamburger menu එක මත click කර, Help -> About Firefox හරහා ගොස් update කරගැනීම සිදු කිරීමේ හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.