Xiaomi සමාගම විසින් ඔවුන්ගේ නවතම wireless charging තාක්ෂණය වන Mi Air Charge Technology එක අද දින එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.
මොවුන් පෙන්වාදෙන පරිදි මෙම තාක්ෂණය හරහා මීටර් කිහිපයක දුරකින් සිටින විටදී පවා එක් device එකකට 5W බළයක් ලබාදෙමින් devices කිහිපයක් එකවිට charge කිරීමේ හැකියාව පවතිනවා.

මෙහි විශේෂත්වය වන්නේ දැනට භාවිතයේ පවතින wireless charging ක්රමයන් වලදී මෙන් wireless charger එක මත අදාල device එක ස්පර්ශ වන ලෙස තැබීමට අනවශ්‍යය වීම වන අතරම, game එකක් play කරමින් සිටින අතර හෝ අදාල range එක තුළ ඇවිදිමින් සිටින විටදී පවා ජංගම දුරකථනයක් වුවත් මේ හරහා charge කිරීමේ හැකියාව පවතිනවා.
We're excited to bring you the remote charging technology - Mi Air Charge Technology! Charge multiple devices simultaneously while you're gaming, walking around or even when something's in the way, no strings attached. Another giant leap forward in wireless charging technology! pic.twitter.com/wEoB10wOQ2
— Xiaomi (@Xiaomi) January 29, 2021
එමෙන්ම මෙම තාක්ෂණය ඔස්සේ smartwatches සහ fitness band වැනි දෑ වල සිට speakers, lamps සහ අනෙකුත් smart home devices charge කිරීමේ හැකියාව පවතින නිසාවෙන් යම්කිසි කාමරයක ඇති සියළුම තාක්ෂණික උපාංග පාහේ wireless ආකාරයට පවත්වාගෙන යෑමට මෙමඟින් හැකියාව ලැබෙනවා.
Xiaomi සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම device එක සතුව charge කිරීමට අවශ්‍යය devices වල location එක සොයාගත හැකි five-phase antennas ඇති අතර, ඒ හරහා ලබාගන්නා තොරතුරු ආධාරයෙන් තවත් antenna 144ක් භාවිතා කර millimeter-wide waves අදාල device එක වෙත එල්ල කිරීමට කටයුතු කරනු ලබනවා.
View post on imgur.com
අදාල ජංගම දුරකථනය හෝ charge වන device එක වෙනුවෙන්, එම device එක ඇති ස්ථානය පිළිබඳව තොරතුරු හුවමාරු කරගැනීම සඳහා අඩු විදුලිබලයක් භාවිතා කරමින් ක්‍රියාත්මක වන beacon antenna array එකක් සහ, තවත් antenna 14කින් සමන්විත array එකක් වන receiving antenna array එකක් ලෙස antenna වර්ග දෙකක් නිර්මාණය කර තිබෙනවා.
මේ receiving antenna array එක හරහා ලැබෙන melemeter wave signals මෙහි අන්තර්ගත වන charging pile හරහා නැවත විද්‍යුතය බවට හැරවීමට කටයුතු කෙරෙන අතර ඒ හරහා අදාල device එක charge කිරීමේ හැකියාව ලැබෙනවා.
කොහොම නමුත් Xiaomi සමාගමේ නියෝජිතයෙකු The Verge වෙබ් අඩවියට ප්‍රකාශයක් ලබා දෙමින් සනාථ කර ඇත්තේ මෙම තාක්ෂණය අන්තර්ගත වන commercial product මෙම වසර තුලදී වෙළඳපොලට නිකුත් නොවනු ඇති බවයි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ mi Blog අඩවිය, The Verge වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.