Xiaomi සමාගමෙහි Mi Band යනු වඩාත් ජනප්‍රිය entry-level fitness trackers වලින් එකක් වන අතර Mi Band 5 එක පිළිබඳව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවා ඔබට මතක ඇති.

Mi Band 5 එක වෙළඳ‍පොලට නිකුත් කළ පළමු දිනයේදීම සියළුම units අලෙවි වී අවසන්ව ඇති බව වාර්ථ‍ා වෙයි
Xiaomi සමාගම විසින් හඳුන්වා දෙන Mi Band series[https://www.mi.com/global/miband] එක සාධාරණ මිලකට මිලදී ගත හැකි වටිනා featuresරැසකින් සමන්විත fitness tracker series එකක් ලෙස ‍මේ වන විට ඉතාමත් ප්‍රසිද්ධියටපත්ව තිබෙනවා. පසුගිය වසරේ ජුනි මස 11 වන දින Xiaomi Mi Band 4 චීන‍යේදී නිකුත්[https://www.xda-developers.com/xiaomi-mi-band-4-color-amoled-launched-china/…

මේ වන විට, මෙම වසරේදී එළිදැක්වීමට නියමිත Mi Band 6 එකත් සමඟ ලබාදීමට නියමිතව ඇතැයි සැලකෙන විශේෂාංග කිහිපයක් පිළිබඳව නිළ නොවන තොරතුරු කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

මෙම නිළ නොවන තොරතුරු වාර්තා කරනු ලබන්නේ Geekdoing forum එකෙහි පරිශීලකයෙකු වන MagicalUnicorn විසින් වන අතර, මෙම නව device එක “Pangu” යන codename එකෙන් සහ XMSH16HM යන model number එකෙන් හැඳින්වෙන බවට වාර්තා වෙනවා.

ඔහු විසින් වැඩිදුරටත් අනාවරණය කරගත් තොරතුරු වලට අනුව Mi Band 6 එකෙහි Chinese model එකක් (XMSH16HM) ලෙසත්, global model එකක් (XMSH15HM) ලෙසත් දැකගත හැකිවනු ඇති අතර Chinese variant එක සඳහා NFC පහසුකම අන්තර්ගත වන අතර Global variant එක සඳහා NFC පහසුකම අන්තර්ගත නොවන බවද වාර්තා වෙනවා.

එමෙන්ම, Zepp app source code මගින් අනාවරණය වී ඇති ආකාරයට, Mi Band 6 එක Alexa සඳහා සහාය දක්වන බව මෙන්ම, රුධිරයේ ඇති ඔක්සිජන් මට්ටම මැනගැනීම සඳහා SpO2 sensor එකක්ද සමන්විත වනු ඇති අතර මෙලෙස අනාවරණය වූ තොරතුරු වලින් දැනගැනීමට හැකිවූ වැදගත්ම දෙයනම්, Mi Band 6 සඳහා built-in GPS පහසුකම පැමිණීමයි.

Mi Band 6 හි Success, Update සහ Heart Rate actions සඳහා updated animations කිහිපයක් මෙන්ම, වැඩිදියුණු කළ නව watch faces ද දැකගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට වාර්තා වෙනවා.

Watchfaces. (Image source: MagicalUnicorn)

නව band එකෙහි Mi Band 5 එකට වඩා වැඩි physical activities ප්‍රමාණයක් track කිරීමට හැකියාව ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර Resource file හරහා අනාවරණය කරගත් නව activities 19 ක් පහත දැක්වෙනවා.

  • Indoor fitness
  • Indoor ice skating
  • HIIT
  • Core training
  • Stretching
  • Stepper
  • Gymnastics
  • Pilates
  • Street dance
  • Dance
  • Zumba
  • Cricket
  • Bowling
  • Basketball
  • Volleyball
  • Table tennis
  • Badminton
  • Boxing
  • Kickboxing
Activities. (Image source: MagicalUnicorn)

Mi band 6 හි ඇති අනෙක් features අතර band එක හරහා කෙලින්ම alarms setup කිරීමේ හැකියාව, පිහිනීමේදී තිරය lock කිරීමේ හැකියාව, වඩා හොඳ ඵලදායිතාවයක් ලබාගැනීම සඳහා pomodoro timer එකක් සහ band එක තුළින්ම sleep data බැලීමේ හැකියාවද ඇතුළත් වන බව වාර්තා වෙනවා.

මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුව, Xiaomi Mi Band 6 එක 2021 ජුනි මාසය වන විට නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනු ඇති අතර, ජූලි මාසය පමණ වනවිට Mi Band 6 global market එකට නිකුත් වනු ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

මෙහි මිල පිළිබඳව අවධානය යොමුකිරීමේදී, මෙය ඇමරිකානු ඩොලර් 40 ක පමණ මුදලකට ලබාගත හැකි යැයි අනුමාන කෙරෙන අතර බොහෝ දුරට මෙම මුදලට ලබාගත හැක්කේ NFC පහසුකම නොමැති variant එක වනු ඇත.

කෙසේ වෙතත්, මෙම තොරතුරු නිළ නොවන මූලාශ්‍ර මගින් අනාවරණය කරගත් තොරතුරු බව නැවතත් සඳහන් කළයුතු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Notebookcheck වෙබ් අඩවිය (1), (2) සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.