Xiaomi සමාගම චීනයේ බීජිං නුවරදී Xiaomi 12 Smartphone Lineup නිළ වශයෙන් නිකුත් කිරීමට ඊයේ (28) කටයුතු කරනු ලැබුවා.

මාදිලි තුනකින් නිකුත් වුණු මෙහි Xiaomi 12 සහ Xiaomi 12 Pro යන දුරකථන ප්‍රධාන තැනක් ගත්තා. යම්තාක් දුරකට Budget Range එකේ මාදිලියක් පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා Xaiomi සමාගම Xiaomi 12X දුරකථන මාදිලිය හඳුන්වා දෙනු ලැබුවා.

Flagship Performance

Xiaomi 12 Smartphone Lineup ප්‍රධාන තැනක් ගන්නා Xaiomi 12 සහ 12 Pro යන දුරකථන මාදිලි ද්විත්වයම Qualcomm හි මේ දක්වා නිකුත් කර ඇති වඩාත්ම Powerful Chipset එක වන Snapdragon 8 Gen 1 මඟින් බලගැන්වී තිබෙනවා. Budget Range එකට අයත් Xiaomi 12X දුරකථන මාදිලිය සඳහා මින් පෙර Poco F3 දුරකථනය බලගැන්වී තිබුණු Snapdragon 870 Chip Set භාවිතා කර තිබෙනවා.

Armv9 architecture Design එකට අනුව නිර්මාණය වූ මෙම Chip Set හරහා මින් පෙර පැවති Chip Set එකට වඩා Graphic Rendering අතින් GPU Performance 30% සහ Energy Efficiency 25% Improve කිරීමට Xaiomi සමාගමට හැකියාව ලැබී තිබෙනවා. 6400Mbps දක්වා Data Transfer කිරීමේ හැකියාවක් සහිත මෙම දුරකථන මාදිලි දෙක LPDDR5 RAM වලින් සමන්විත වනවා.

Industry-Leading Display

අනෙකුත් Smartphone Companies සමඟ තරඟකාරී ස්වරූපයක් ගැනීම සඳහා මෙම Xaiomi 12 Smartphone Lineup එක නිර්මාණය කර තිබෙනවා. ඒ Xaiomi 12 සහ 12 Pro යන දුරකථන දෙකම DisplayMate වෙති highest-ever Display Performance අතින් A+ Rate එකක් ලබා ගනිමින්ය. අඟල් 6.28 ක flexible OLED screen එකකින් සමන්විත Xaiomi 12 දුරකථන මාදිලිය 2400×1080 screen resolution එකකින් වගේම 120Hz refresh rate යටතේ නිර්මාණය වී තිබෙනවා. අඟල් 6.73 ක second-generation power-efficient 2K display එකකින් සමන්විත Xaiomi 12 Pro මාදිලියට වගේම Xaiomi 12 මාදිලිය සඳහාද Dolby Vision හරහා HDR viewing ඇතුළු විශේෂාංග ගණනාවක් ලැබී තියෙනවා.

Triple Camera Setup

Triple Camera Setup එකකින් සමන්විත Xaiomi 12 සහ Xiaomi 12X දුරකථන මාදිලි වල 50 MP Main Cam එකක්, 13 MP Ultrawide Lens එකක් වගේම Telephoto Lens එකක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම දුරකථන දෙක සඳහාද 8K Videos 24fps දකාවා Video කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම මෙහි 32MP Front Camera (Selfie Camera) එකක් දැක ගැනීමේ හැකියාව ලැබෙනවා.

Xaiomi 12 Smarphone Lineup එකෙහි දැවැන්තයා වන Xaiomi 12 Pro දුරකථන මාදිලිය සඳහා Sony IMX707 50MP Main Camera එකක්, 13MP Ultra-wide Camera Lens එකක් වගේම 5MP Telephoto Lens එකකින් සමන්විත Triple Camera Setup එකක් ලැබී තිබෙනවා. කෙසේවෙතත් මෙම මාදිලි තුනේම Night Mode, Image Stabilization ඇතුළුව විශේෂාංග ගණනාවකින් සමවිත ඉතාමත් උසස් ගණයේ Camera Software Improvement එකක් Xiaomi සමාගම විසින් සිදු කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ MI Blog වෙබ් අඩවිය භාවිතා කළ හැක.