ලොව පුරා නැවතත් Covid-19 වසංගත තත්ත්වය සීඝ්‍ර ලෙස වර්ධනය වීමේ ප්‍රවණතාවයක් අපට දැක ගත හැකිය. Covid-19 ආසාදිතයින්ගේ වැඩිවීම මධ්‍යයේ අමෙරිකාවේ, New York නගරයේ Apple Stores ගණනාවක් වසා දැමීමට සිදු වී තිබෙනවා.

එම සේවා ස්ථාන අතරින් බහුල වශයෙන් Covid-19 ආසාධිත සේවකයින් වාර්ථා වීමත්, නගරය තුළ පැතිර යන Covid-19 වසංගත තත්ත්වයත් හේතුකොටගෙන මෙම තීරණය ගෙන ඇති බව Apple ආයතනය පවසා තිබෙනවා. MacRumors වෙබඩවිය පෙන්වා දෙන ආකාරයට මෙම නිවේදනයට පෙර වසංගත තත්ත්වයේ බලපෑම් හේතුවෙන්, අද දින ප්‍රකාශයට පත් කළ ස්ථාන 20 කට වඩා වැඩි ප්‍රමාණයක් Apple වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

Services at Apple Upper West Side - Apple.com

කෙසේ වෙතත් මාර්ගගත ඇණවුම් සුපුරුදු වශයෙන් සිදු වන අතර එම ඇණවුම් ලබා ගැනීම සඳහා තවමත් එම සේවා ස්ථාන විවෘතව පවතී. නමුත් එම ස්ථාන වල Genius Bar තාක්ෂණික සහය හෝ සාප්පු සවාරි සහ අනෙකුත් සේවා සඳහා පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙන්නේ නැත. වත්මන් තත්ත්වය කොපමණ කාලයක් සඳහා ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව කිසිඳු වාර්ථාවක් Apple ආයතනය විසින් තවමත් ලබා දී නොමැත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ MacRumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.