පසුගිය බ්‍රහස්පතින්දා (23) සිට විටින් විට ඇතැම් LastPass පරිශීලකයින් හට ඔවුන්ගේ LastPass ගිණුම් වලට විවිධ ස්ථාන වලින් යම්කිසිවෙකු login වීමට උත්සාහ කළ බවත් (Unusual Attempted Login Activity), කෙසේ නමුත් එම උත්සාහයන් ව්‍යර්ථ කළ බවත් සඳහන් කරමින් email පණිවුඩ ලැබෙන්නට වුණා.

මෙහි විශේෂත්වය වූයේ මෙම email වලට අනුව අදාල login attempts සිදු කර ඇත්තේ එම LastPass ගිණුම් වල සැබෑ Master Password එක භාවිතා කිරීමෙන් වන අතර, මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් LastPass ආයතනය තහවුරු කර සිටියේ මෙම තත්ත්වයට හේතුව වන්නේ credential stuffing attack එකක් වන බවයි.

Credential stuffing attack එකක් යනු යම්කිසි හැකර්වරයෙකු හෝ වෙනත් පුද්ගලයෙකු විසින් මීට පෙර විවිධ ක්‍රම වලින් ලබාගන්නා ලද login details භාවිතා කරමින් අදාල ගිණුම් වලට login වීමට උත්සාහ කිරීමයි.

මෙහිදී අලුතින් LastPass සේවාව hack වී නොමැති බවත්, මෙම attack එක හරහා කිසිවෙකුගේ master passwords අවධානමකට ලක් නොවූ බවත් LastPass ආයතනය තහවුරු කර සිටියා.

Unusual Attempted Login Activity: How LastPass Protects You - The LastPass Blog
As part of our commitment to security, we regularly monitor our services for actual, suspected, or attempted malicious or unusual activity.

එමෙන්ම malware වැනි අනතුරුදායක වැඩසටහනක් හෝ browser extension එකක් හෝ phishing attack භාවිතා කරමින් LastPass හි master passwords hack කරගැනී‍මේ ක්‍රියාවලියන් පිළිබඳව ද තොරතුරක් වාර්තා නොවන බව ද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

අදාල හැකර්වරයා විසින් සාමාන්‍යයෙන් පරිශීලකයා login වෙන location වලින් බැහැරව, වෙනත් location වලින් login වීමට උත්සාහ කිරීම නිසාවෙන් එම උත්සාහයන් සාර්ථකව ව්‍යර්ථ කිරීමට LastPass ආයතනයට හැකියාව ලැබී තිබෙනවා.


LastPass ආයතනයේ Product Management හි ප්‍රධානියෙකු වන Dan DeMichele විසින් BleepingComputer වෙබ් අඩවියට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙලෙස යවා ඇති email වලින් ඇතැම් ඒවා LastPass සේවාවේ ගැටළුවක් නිසාවෙන් වැරදීමකින් send වී ඇති බව සහ, එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන්ගේ alert system එක වෙනස් කිරීමට කටයුතු කරනු ලැබූ බවයි.

කෙසේ වෙතත් ඔබ LastPass පරිශීලකයෙකු නම්, ඔබගේ Master Password එක නිතර නිතර වෙනස් කරගැනීම නුවණට හුරු කාරණයක් වන අතර, multi-factor authentication පහසුකම ද සක්‍රීය කර තැබීමෙන් ඔබගේ LastPass ගිණුම hack වීමේ අවධානම අවම කරගැනීමට හැකි වෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ LastPass Blog අඩවිය සහ cNet වෙබ් අඩවිය භාවිතා කළ හැක.