ලොව වේගවත්ම මෝටර් රථය දකුණු අප්‍රිකානු කාන්තාරයකදී අත්හදාබැලීමට කටයුතු කරයි
සෘජු මාර්ගයක ධාවනය කළ හැකි ලොව වේගත්වත්ම මෝටර් රථය ලෙස වාර්තා අතරට එක්වන්නට නියමිත මෝටර් රථයේ පළමු පරීක්ෂණ ධාවනයක් පසුගිය සතියේ දකුණු අප්‍රිකාවේ Hakskeenpan කාන්තාරයේදී සාර්ථකව අවසන් කෙරුණා.
මේ අධිවේගී බුලට් කාර් රථය Bloodhound Land Speed Record (BLSR) නම් බ්‍රිතාන්‍ය සමාගමක් විසින් නිර්මාණය කරන ලද අතර මෙයට පැයට කිලෝමීටර් 800 ඉක්මවූ වේගයක් ලබා ගැනීමට හැකියාව ඇති බව වාර්ථා වෙනවා.
ජෙට් එංජින් නිශ්පාදයේ ලොව සුපතල Rolls-Royce සමාගම විසින් නිශ්පාදනය කරන ලද EJ200 Eurofighter Typhoon ජෙට් එංජිමකින් මෙම මෝටර් රථය බලගැන්වා තිබුණු අතර අශ්වබල 13,500 ක් තරම් සුවිසාල බලයක් නිපදවීමට සමත් මෙම එංජිම Formula One මෝටර් රථ 150 ක බලයක් එකවර නිපදවීමට සමත් වෙනවා.
BLSR කණ්ඩායම එකිනෙකට වෙනස් පරීක්ෂණ ධාවන කිහිපයක් ම මෙම කාන්තාරය තුළ සිදුකිරීමට අපේක්ෂා කරන අතර අධික වේගයකදී රථය පාලනය කරගැනීම හා නවත්වා ගැනීම අධ්‍යනය කිරීමත් මීට ඇතුළත් වෙනවා.
View this post on InstagramA post shared by Bloodhound Land Speed Record (@bloodhound_lsr) on
Wing Commander Andrew Green විසින් මෙම පරීක්ෂණ ධාවන අවස්ථාවන්හිදී රථයේ රියදුරු ලෙස කටයුතු කරන අතර ඔහු මෙම වාර්තාව පිහිටුවීමට බලාපොරොත්තු වන වසර දක්වාම එනම් 2020 දක්වාම මෙහි රියදුරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.
මෙහි විශේෂත්වය නම් මීට පෙර ලොව වේගයෙන්ම ධාවනය කරන ලද මෝටර් රථය පැදවීමෙ ගෞරවය හිමි වන්නේද Andrew Green හට ම වීම වන අතර ඒ 1997 දීයි.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා AsiaTatler වෙබ් අඩවිය හා TheDrive වෙබ් අඩවිය භාවිතා කළ හැක.