Windows 10 වල ඇති bug එකක්, එහෙමත් නැතිනම් ගැටළුවක් නිසාවෙන් පරිගණකය shutdown හෝ sleep කිරීමේ ක්‍රියාවලිය සඳහා මිනිත්තු දෙකක පමණ කාලයක් දක්වා දීර්ඝ විය හැකි බව මේ වන විට වාර්ථා වෙනවා.

Windows 10 මෙහෙයුම් පද්ධතියේදී USB type-C controller එක පාලනය කිරීම සඳහා සකස් කර ඇති ක්‍රමවේදයේ ගැටළුවක් මෙයට හේතුව වී ඇති අතර කිසියම් අවස්ථාවකදී USB type-C device එකක් පරිගණකය shutdown වන අතරතුරදී plug හෝ unplug කළහොත් පමණක් මෙය සිදු විය හැකි බව Microsoft සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Shutdown හෝ Sleep වන අතරතුර, USB-C device එකක් connect/disconnect කළහොත් Windows 10 වල ඇති USB Type-C Connector System Software Interface (UCSI) එක හරහා අදාල device එක හඳුනාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලබන අතර එය අවසන් වන තුරු shutdown හෝ sleep වීමේ ක්‍රියාවලිය නතර කරගෙන සිටිනු ලබන බව ඔවුන් පෙන්වා දෙනවා.

USB type-C chargers ඇතුලු සියළුම devices සඳහා මෙය අදාල වන නමුත් මේ සඳහා ගත වන කාළයට අමතරව අදාල devices වලට කිසිඳු හානියක් සිදු නොවන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.

කොහොම නමුත් මේ bug එක සඳහා තාවකාලික විසඳුමක් හෝ fix එකක් ලබා දෙන කාළසීමාවක් ගැන තවමත් Microsoft සමාගම විසින් ප්‍රකාශයක් සිදු කර නොමැති අතර, shutdown හෝ sleep command එක ලබා දීමට ප්‍රථමව ඔබගේ type-C devices ඉවත් කිරීම හෝ සම්බන්ධ කිරීම සිදු කළහොත් මෙම ගැටළුවට මුහුණදීමට සිදු නොවන බව දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Microsoft Tech Community වෙබ් අඩවිය, Softpedia වෙබ් අඩවිය හා Bleeping Computer වෙබ් අඩවිය භාවිතා කළ හැක.