‌මේ වන විටත් ඔබ WhatsApp Messaging යෙදුම භාවිත කරන අයෙක් නම් එයට අලුතෙන් එකතුවන විශේෂාංග පිළිබඳව ඔබ දැඩි උනන්දුවකින් සිටිනවා වන්නට පුලුවන්. ලොව පුරා බිලියන 2කට ආසන්න පරිශීලකයන් සංඛ්‍යාවක් සිටින WhatsApp යෙදුමේ කලක සිට තිබුණු අඩුවක් පිරවීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.

Twitter, Facebook සහ Telegram වැනි සමාජ මාධ්‍ය නාළිකාවන් වල Polls එහෙමත් නැත්නම් ඡන්ද share කිරීමේ හැකියාව තිබෙනවා. මෙම විශේෂාංගය හරහා පරිශීලකයන් හට අනෙකාගේ මනාපය පහසුවෙන් දැක බලා ගැනීමේ හැකියාව ලැබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ WhatsApp Messaging සේවාවේ විශේෂාංග පිළිබඳව පුවත් ගෙන එන WABetaInfo වෙබ් අඩවිය විසින් වාර්ථා කර තිබුණේ, WhatsApp Polls නමින් නව විශේෂාංගයක් ලබාදීමට WhatsApp ආයතනය කටයුතු සූදානම් කරමින් පවතින බවයි.

WhatsApp beta for Android 2.22.20.11: what’s new? | WABetaInfo
Discover what’s new in the WhatsApp beta for Android 2.22.20.11 update: WhatsApp is working on an entry point to create polls!

කෙසේ වෙතත් නවතම සංස්කරණය මඟින් සියළුම Android සහා iOS පරිශීලකයන් හට Polls විශේෂාංගය ලැබී තිබෙන අතර Group Chat එකක සහ Personal Chat එකක්දී මෙම විශේෂාංගය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී සියළුම Group Members ලා හට සාමාජිකයන් විසින් ලබා දුන් මනාප දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Attachment Pannel එක හරහා Polls විශේෂාංගය මඟින් එක Poll එකකට Choices 12 දක්වා add කිරීමේ පහසුකම ලැබෙන අතර Search Bar එක Open කළ විට එහි ඇති Polls Filter එක හරහා ඔබට ලැබී තිබෙන Polls පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව ලැබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා WABetaInfo වෙබ් අඩවිය සහ Beebom වෙබ් අඩවිය භාවිතා කළ හැක.