මෑත කාලීනව WhatsApp messaging platform එකට අළුත් features ගොඩක් එකතු වුණු බව ඔයාලා දකින්න ඇති.
නමුත් හැම කෙනෙක්ම ගොඩක් කැමති තවත් එක feature එකක් වෙන Dark Mode එක තවමත් WhatsApp වලට ලබා දී නැහැ.
Dark mode කියන්නෙ මේ වෙනකොට අපි බහුලව භාවිතා කරන Youtube, Twitter වගේ අැප් වල අඩංගු අදුරේදී ඉතා ප්රයෝජනවත් අංගයක් වන අතර ඔන්න දැන් WhatsApp වලටත් මේ feature එක එකතු කරන්න සුදානම් වෙන බව දැනගන්න ලැබෙනවා.

නමුත් WhatsApp සමාගම විසින් නිළ වශයෙන් මේ ගැන නිවේදනයක් නිකුත් කර නොමැති අතර WABetaInfo නම් වූ පිරිසක් විසින් තමයි මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. මේ WABetaInfo කියන්නේ WhatsApp එක විසින් නිකුත් කරනු ලබන ඔවුන්ගේ අළුත්ම APK files වල code එක නිරීක්ෂණය කර, නුදුරු අනාගතයේදී හඳුන්වාදීමට නියමිත පහසුකම් ගැන කලින්ම කියන පිරිසක්.
I’m happy to exclusively give the good news: WhatsApp is finally working on a Dark Mode! It’s a dream 😍
— WABetaInfo (@WABetaInfo) September 14, 2018
There are many important secret references in recent updates!
Be patient to see it out, hoping it will be FULL OLED friendly for Android phones, iPhone X and newer!
Dark mode එක ගැන මේ වෙනකොට හැමෝම දන්නවා වුණත් කෙටියෙන් කියනවා නම් මේ Dark mode එකෙන් රාත්රි කාලයේදී අපහසුවක් නැතුව මැසේජ් කියවන්න වගේම ඔයාගේ Display එක AMOLED display එකක් නම් මෙයින් battery power එක ඉතුරු වීමක් ද සිදු වෙනවා.
කොහොම වුණත් WhatsApp වලට එකතු වන මේ Dark mode එක සම්බන්ධ වැඩි විස්තරයක් නම් තවමත් දැනගන්න ලැබෙන්නෙ නහැ. කොහොම නමුත් WABetaInfo ලගේ Twitter පණිවිඩයට අනුව ඉතා නුදුරේම අපට මේ feature එක අත්විදින්න හැකියාව ලැබෙනු අැත.