අපි බොහෝ වෙලාවට දැකලා තියෙන්නේ Drone පියාසර කරනවා වුණත්, බොහෝ වෙලාවට මේ drones කියන්නේ ප්‍රමාණයෙන් ටිකක් විශාල වස්තුවක්.

නමුත් ඔන්න DelFly Nimble කියන නමින් හැඳින්වෙන කෘමියෙකුගේ විලාසය ගත් අමුතු විදිහේ රොබෝ කෙනෙක් ගැන දැනගන්න පුළුවන් වෙලා තියනවා. මේක ඉතාමත් කුඩා වන අතර බරින් අඩු නමුත් පියාපත් හතරකින් සමන්විත රොබෝ කෙනෙක් වෙනවා.

ඒ වගේම සාමාන්‍යය කෘමියෙක් පියාඹන ආකාරයට සමාන ආකාරයකින් එහේ මෙහේ පියාඹන්න මෙන්ම කෘමියෙකු ආකාරයටම ගොඩ බසින්නත් මේ DelFly Nimble එකට හැකියාව තියනවා.

මෙම ව්‍යාපෘතිය 2005 වර්ෂයේදී Delft University of Technology යන විශ්වවිද්‍යාලය විසින් ආරම්භ කර ඇති අතර DelFly කියන රෝබෝ යන්ත්‍ර මාලාවේ අළුත්ම නිර්මාණය තමයි මේ DelFly Nimble කියන රොබෝ යන්ත්‍රය.

සාමාන්‍යයයෙන් drone එකක භාවිතා වන propellers වෙනුවට මෙහිදී භාවිතා කරන්නේ පියාපත් කිහිපයක් වුවත් මෙම රොබෝ යන්ත්‍රයට ගුවනේදී ඉතාමත් කාර්ය්‍යක්ෂම ආකාරයෙන් හැරීමට හා ඉතා වේගයෙන් කටයුතු කිරීමට හැකියාව තිබෙන බව Matěj Karásek සහ Florian T. Muijres ඇතුළු පර්යේෂක කණ්ඩායම විසින් පෙන්වා දෙනවා.

ඔයා මේ ගැන උන්නදුවක් දක්වනවා නම් delfly.nl කියන ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා මේ ගැන වැඩි විස්තර දැනගන්නතත් ඔයාට අවස්ථාව තියනවා.