තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනෙකු ඉතා විමසිල්ලෙන් බලා සිටි නවතම iPhone line-up එක එනම් iPhone 13 line-up එක පිළිබදව අපි මීට පෙරඔබ දැනුවත් කළා ඔබට මතක ඇති.

කුඩා Notch එකක් සමඟින් iPhone 13 ජංගම දුරකථනය එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි
තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනෙකු ඉතා විමසිල්ලෙන් බලා සිටි නවතම iPhone line-up එක, එනම් iPhone 13 line-up එක ඊයෙ හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කලා. Covid වසංගත තත්වය නිසා පෙර

එම Apple California Streaming Live Event එකේදී Apple ආයතනය පවසා සිටියේ විශේෂාංග ගණනාවක් මේ නවතම iOS 15 Update එක සමඟින් ලබා දෙන බවයි. පසුගිය ජූලි මස පැවති WWDC 2021 event එක අතරතුරදී මේ පහසුකම් සියල්ලක්ම පාහේ විස්තර කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

WWDC 2021 event එක අතරතුර Apple සමාගම විසින් iOS, iPadOS, watchOS සහ macOS වලට එකතු වන අලුත්ම පහසුකම් හඳුන්වාදීමට කටයුතු කරයි
Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2021 event එක පසුගිය ජුනි 7 වැනි දින පැවැත්වීමට කටයුතු කළ අතර, මේ පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුම්දුන්නා මතක ඇති

ඉතින් අද මෙම ලිපිය මගින් අපි බලමු නවතම iOS 15 Update එක මගින් ලැබී ඇති විශේෂාංග මොනවද කියලා.


iOS 15 සහය දක්වන Devices

  • iPhone 13 / 13 mini / 13 Pro / 13 Max
  • iPhone 12 / 12 mini / 12 Pro / 12 Max
  • iPhone 11 / 11 Pro / 11 Pro Max
  • iPhone XS / XS Max / iPhone XR
  • iPhone X
  • iPhone 8 / 8 Plus
  • iPhone 7 / 7 Plus
  • iPhone 6s / iPhone 6s Plus
  • iPhone SE (1st generation)
  • iPhone SE (2nd generation)
  • iPod touch (7th generation)

FaceTime

මෙම Covid-19 වසංගත තත්වය හමුවේ Video Conferencing තාක්ෂණය බොහෝ දෙන භාවිතා කිරීමට පටන් ගත්තා. Apple ආයතනයද නවතම iOS 15 Update එක මගින් මීට පෙර පැවති FaceTime පහසුකම වැඩි දියුණු කරමින් iOS පරිශීල්කයන්ට පමණක් නොව Android , windows වැනි වෙනත් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන පරිශීලකයන්ටද භාවිතා කළ හැකි පරිදි FaceTime පහසුකම ලබා දීමට කටයුතු කරනු ලැබුවා.

මෙහිදී FaceTime පහසුකම වෙනත් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන පරිශීලකයෙකුට FaceTime Link එක මගින් Web Browser එක හරහා Log වීමෙන් ඉතා පහුවෙන් Video Call එක හා සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනවා.

තවද දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි grid view, blurred background portrait mode , සහ නවතම Spatial audio පහසුකම ඇතුළු විශේෂාංග රැසක් FaceTime පහසුකම හා එක් කර තිබෙනවා.

FaceTime with your iPhone, iPad, or iPod touch - Source : Apple

Safari Browser

නවතම iOS 15 Update එක මගින් Safari Browser සම්පූර්ණයෙන්ම Redesign කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. නවතම Tab Bar Mode එකක් Browser එකට එක් කිරීම හා URL bar එක පහතින් දිස් වීමට සැලැස්වීම ඒ අතර ප්‍රධාන වනවා. ඒ වගේම Tabs Grid View එකක් යටතේ බලා ගැනීමටද , Tab Bar එක Swipe කිරීම මගින් Tab අතර ගමන් කිරීමටද හැකි වන පරිදි Safari Browser එක Redesign කර තිබෙනවා. ඊට අමතරව Appearance එක වෙනස් කිරීමේ හැකියාවද Favorites Shortcuts add කර ගැනීමේ පහසුකම ඇතුළු විශේෂාංග ගණනාවක් නවතම iOS 15 update එක මගින් Safari Browser එක හා ලබා දී තිබෙනවා.

Safari Browser - Credits: Sahan Chaniru

Focus Mode

Apple iPhone එක තුල ඇති වැදගත් විශේෂාංගයක් වුවත් බොහෝ දෙනා මෙම Focus Mode විශේෂාංගය නිසි ලෙස භාවිතා කරන්නේ නැහැ. ඔබ කුමක් හෝ කාර්යයක යෙදී සිටින විට ඔබට ඔබගේ ජංගම දුරකථනයෙන් පැමිණෙන Notifications සහ Calls වැනි බාධා වලින් තොරව එම කාර්‍ය සදහා අවධානය යොමු කිරීමේ පහසුව Focus Mode එක මගින් ලැබී තිබෙනවා.

මීට අමතරව නවතම iOS 15 update එක මගින් ඔබ යෙදී සිටින කාර්යය හදුනාගෙන ඊට අදාළ Focus Mode එකට automatically change විමේ හැකියාවද iOS 15 එකට ලැබී තිබෙනවා. ඒ වගේම ඔබගේ කාර්යාල වේලාවන් හා අනෙකුත් කාර්යන් සදහා Focus Mode එක වෙනස් කර ගැනීමේ හැකියාවත් මේ හරහා ලැබී තිබෙනවා.

Focus modes can filter out your notifications for you - Source: The Verge

Live Text

මෙම විශේෂාංගය iPhone පරිශීලකයන්ට නවතම අත්දැකීමක් විය හැකියි. Android OS එකෙහි ඇති Google Lens පහසුකමට සමාන සේවාවක් මෙම Live Text විශේෂාංගය මගින් ලබා ගත හැක. මෙමගින් iPhone එකෙහි කැමරාව මගින් හෝ Internal Storage එකෙහි ඇති Image එකක් ඉතා පහසුවෙන් Scan කර එහි ඇති Text වැනි දේ Copy කර ගැනීමේ පහසුකම සපයා තිබෙනවා. තවද එම Image එකෙහි ඇති දුරකථන අංක, URL වැනි දේ ඉතාමත් හොදින් හදුනාගෙන ඊට අදාල පියවර එක Click එකක් හරහා ලබාගැනීමට හැකිවන පරිදි මෙම විශේෂාංගය හදුන්වා දී තිබෙනවා.

An example of all the places that Live Text can work and pull text from. Source: Apple

Offline Siri

නවතම iOS 15 Update එකත් සමග Siri Voice Assistant පහසුකම අන්තර්ජාල සබදතාවයක් නොමැතිව භාවිතා කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. තවද මේ හරහා Setting වෙනස් කිරීම , Apps විවෘත කිරීම සහ ඉතා ප්‍රයෝජනවත් කාර්‍යන් රැසක් දැන් ඉතා වේගවත්ව හා ඉතා ආරක්ෂාකාරී ලෙස සිදු කර ගැනීමේ හැකියාව මේ හා ලැබී තිබෙනවා. මීට අමතරව Siri ගේ voice recognition පහසුකම වැඩි දියුණු කිරීමක්ද නවතම iOS 15 update එක සමග සිදුවී තිබෙනවා.

SIRI with iOS 15

Maps and Weather

නවතම iOS 15 update එක සමග අලංකාර පෙනුමකින් සහ නවතම 3D Map එකකින් සම්න්විත Apple Maps පහසුකම iPhone පරිශීලකයන්ට ලබා දී තිබෙනවා. ලෝකයේ විවිධ රටවල විවිධ නගර වල ගස්, පාලම් සහ ප්‍රධාන ගොඩනැගිලි වැනි දෑ 3D තාක්ෂණය භාවිතා කර Virtual ලෙස අත්විදිය හැකි පරිදි නිර්මාණය කිරීමටද Apple සමාගම කටයුතු කර තිබුණා. ඔබ ගමන් කරන දිශාව නිවැරදි ලෙසට හදුනාගැනීම සදහා නවතම AR Directions පහසුකමද මේ හරහා හදුන්වාදීමට Apple සමාගම අමතක කර නැහැ.

Apple 3D Map - Source: Apple

මීට අමතරව iCloud හි upgrade එකක් ලෙස iCloud+ ලෙසද , Notification Filtering පහසුකමද , සහ Privacy විශේෂාංග කිහිපයක් ඇතුළු විශේෂාංග රැසක් ද මේ සමග එක් කිරීමට Apple සමාගම කටයුතු කර තිබුණා.

iOS 15 brings powerful new features to stay connected, focus, explore, and more
Apple previews major updates to FaceTime, Focus, enhanced on-device intelligence, and new ways to explore the world using Maps, Weather, and Wallet.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Apple නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක. මීට අමතරව මෙම ලිපිය ලිවීමට සහය දුන් Sahan Chaniru සොහොයුරාටද බෙහෙවින් ස්තූතියි.