OnePlus සමාගම විසින් මේ වසරේදී OnePlus T series එකෙහි ජංගම දුරකතනයක් නිකුත් නොකරන බවට නිළ නොවන මූලාශ්‍රයන් ඔස්සේ අනාවරණය වුවත්, මෙතෙක් OnePlus සමාගම විසින් ඒ පිළිබඳව නිළ වශයෙන් තහවුරු කර තිබුනේ නැහැ.

නමුත්, OnePlus සමාගම විසින් මේ වනවිට, OnePlus 9T හෝ OnePlus 9T Pro යනුවෙන් device එකක් එළිදක්වන්නේ නැති බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

OnePlus සමාගමේ CEO වරයා වන Pete Lau වැඩිදුරටත් නිවේදනය කර සිටියේ ලබන වසරේ සිට නිකුත් කිරීමට නියමිත OnePlus ජංගම දුරකථන, Oppo ColorOS එක සමඟින් එකතු කළ (unified) OxygenOS එකේ සංස්කරණයක් සමඟින් නිකුත් කරනු ඇති බවයි.

OnePlus 9T ජංගම දුරකථනයක් නිකුත් නොවුණ ද, ඔවුන් ඊට සමගාමීව වෙනත් releases එකක් නිකුත් කිරීමට සූදානමක් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙලෙස OnePlus 9T series එක වෙනුවට හඳුන්වාදීමට නියමිත ජංගම දුරකතනය පිළිබඳව කිසිදු අදහසක් දැක්වීමට OnePlus සමාගම කටයුතු කර නොමැති අතර බොහෝ දුරට එය OnePlus 9RT වනු ඇතැයි නිළ නොවන මූලාශ්‍රයන් මගින් පෙන්වාදෙනවා.

මේ වසරේදී OnePlus සමාගම විසින් OnePlus 9 series එක යටතේ, OnePlus 9R නමින් තුන්වන device එකක් නිකුත් කළ අතර මෙම දුරකතනය OnePlus 9 pro සහ OnePlus 9 devices වලට වඩා පහළ මට්ටමකින් දැකගත හැකි වුණා.

එබැවින්, නිළ නොවන වාර්තා මගින් පෙන්වාදෙන OnePlus 9RT යනු OnePlus 9R device එකට වඩා වැඩිදියුණු කළ model එකක් වනු ඇතැයි මෙමගින් අනුමාන කළ හැකි වෙනවා.

දැනට අන්තර්ජාලයට නිකුත් වී ඇති specifications වලට අනුව, මීළඟ OnePlus model එක Qualcomm Snapdragon 870 chipset එකකින් බලගැන්වෙනු ඇති බවත්, එහි 120Hz AMOLED display එකක්, 65W fast charging සඳහා සහාය දක්වන 4,500mAh battery එකක් සහ 50MP Sony IMX 766 primary camera sensor එකක් අන්තර්ගත වීමේ හැකියාව තිබෙනවා.

බොහෝ විට මෙම OnePlus 9RT device එක ඔක්තෝම්බර් මාසය වන විට නිකුත් කිරීමට හැකියාව ඇති අතර OnLeaks පෙන්වාදෙන ආකාරයට මෙම device එක ඉන්දීය සහ චීන වෙළෙඳපොළ ඉලක්ක කරගෙන නිකුත් වනු ඇත.

මෙම launch එකට සමගාමීව, OnePlus Buds Z2 නමින් හඳුන්වන truly wireless earphone එකක් හඳුන්වාදීම සඳහාද OnePlus සමාගම කටයුතු කරමින් සිටින බව වාර්තා වන අතර, එයට Active Noise Cancellation (ANC) පහසුකමද අන්තර්ගත වනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙනවා.

කෙසේ නමුත්, OnePlus සමාගම විසින් මෙලෙස OnePlus 9T series එක වෙනුවට හඳුන්වාදීමට නියමිත ජංගම දුරකතනය පිළිබඳව කිසිදු තහවුරු කිරීමක් සිදුකර නොමැති අතර ඉදිරියේදී ඒ පිළිබඳව තවත් තොරතුරු අනාවරණය වූ විට ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.