වර්තමානය වන විට සන්නිවේදන තාක්ෂණය යනු ඉතාමත් දියුණු අංගයකි. මඳක් ගැඹුරින් කල්පනා කර බැලූවිට අපගේ ස්මාර්ට් ජංගම දුරකථන සඳහා සිම් පතක් දැමීම අනිවාර්ය වන කරුණකි. අනාගතයේදී අප මේ භාවිතා කරන සිම් පත නොමැතිවීම ඔබට පුදුමය දනවන කරුණකි, eSim යනු එවැනි දෙයකි. ඉමෙය සන්නිවේදන තාක්ෂණයේ නව මාවතක් විවර කරනවා නොඅනුමානය. එහෙනම් අපි eSim කියන්නේ මොකක්ද කියලා බලමු.

eSim යන වචනයේ තේරුම “embedded SIM” යන්නයි. eSim භාවිතා කරන විට ඔබගේ ජංගම දුරකතනයට කිසිදු සිම් පතක් දැමීමට දැමීමට ස්ථානයක් වෙන් කර නොමැත. සිම් පතක් ඔබට අමතරව දැමීමට සිදුවන්නේ ද නැත. මෙහිදී මෙම අදාළ සිම් පත ජංගම දුරකතනයට ස්ථාපනය කර ඇත්තේ එහි ඇති බෝඩ් එකටම embed කර ඇත. eSim පහසුකම තිබෙන ජංගම දුරකථන වල අදාල ජාලය තෝරා ගැනීමට හැකියාවක් ඇත. දැනට වාර්තාවන අන්දමට ශ්‍රී ලංකාව තුල eSim පහසුකම ලබාගෙන ඇත්තේ එක් සන්නිවේදන අයතනයක් පමණි.

මෙම පහසුකම Google Pixel 2 දුරකතනයට ලැබී තිබෙන අතර ඉදිරියේදී පැමිණෙන සුපිරි ජංගම දුරකථන සදහා මෙම තාක්ෂණය ස්ථාපනය කර පැමිණේ. මෙහිදී අපගේ ස්මාට් ඔරලෝසුව පවා eSim විශේෂාංගය ඇතුලත් නම් මෙය ඔබට භාවිතා කළ හැක. තවත් උදාහරණයක් ගත්විට Samsung gear S2 ස්මාර්ට් ඔරලෝසු වේද මෙම පහසුකම ඇත.

ඔබට මෙයින් නැගෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ අපගේ දුරකථන ජාලය තෝරාගන්නේ කෙසේද යන්න නම් එය සිදුවන්නේ මේ ආකාරයටයි. මෙම සිම් පත Reprogram කළ හැක. මෙහිදී අපහට කැමති දුරකතන ජාලයක් තෝරාගත හැක. මෙහිදී අපහට මෙම සිම් පතට දුරකථන අංක කිහිපයක් වුවද එක්කර ගත හැක. එමෙන්ම අවශ්‍ය වූ විට අපට එය ඉවත් කිරීමටද හැකියාවක් ඇත.

වැඩි විස්තර