Web3Ceylon 2025 සිව් දින Web3 Blockchain අධ්‍යාපනික Tour එක පිළිබඳව මීට පෙර අප ලිපියකින් දැනුවත් කළා ඔබට මතක ඇති.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලබ​න Web3Ceylon 2025 - Web3 Blockchain Tour එක පිළිබඳව දැන ගනි​මු
CeylonCash කියන් නේ ලංකාවේ Crypto Communities වල එකමුතුවක් වගේ ම ශ්‍රී ලංකා වේ Cryptocurrency ක්ශේත්‍ර යේ ප්‍රවර්ධනය උදෙසා ක්‍රියා කරන කණ්ඩායම ක් බව ඔබ දැනටමත් දන්නවා ඇ ති. ඔවුන් වි

එමෙන්​ම මෙ​හි පළමු දින වැඩසටහන වන Developers & Builders event එක පසුගිය සැප්තැම්බර් මස 20 වන දින මොරටුව විශ්ව විද්‍යාලයේ Rupert Peiris Auditorium හිදී පවත්වනු ලැබුවා.

Blockchain Development ගැ​න කොළඹ ​දී පැවති Web3Ceylon Tour එකේ පළමු දිනය පිළිබඳව දැන ගනි​මු
Web3Ceylon 2025 සිව් දින Web3 Blockchain අධ්‍යාපනික Tour එක පිළිබඳව මීට පෙර අප ලිපියකින් දැනුවත් කළා ඔබට මතක ඇති. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලබ න Web3Ceylon 2025 - Web3 Blockchain

ඒ අනුව මෙ​හි දෙවන දින වැඩසටහන වන Business සහ Freelancing event එක පසුගිය සැප්තැම්බර් මස 28 වන දින නුවර නගරයේ The Queen’s Hotel පරිශ්‍රයේ​දී පවත්වනු ලැබුවා.

මේ event එක සඳහා 200ක​ට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙන අතර මේ ඔස්සේ Web3 සහ Blockchain තාක්ෂණයන් පිළිබඳව උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය පිරිස, Businesses සහ Freelancers communities පාදක කරගනිමින් blockchain ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධවීමට, දැනුම බෙදා ගැනීමට මෙන්ම hands-on activities වැනි විශේෂාං​ග සඳ​හා මෙහිදී අවස්ථාව ලැබුනා.

Maash සහ Apium හි founder වන Nissanka Seneviratne මහතා විසින්, ​​"Grow Your Business with Maash" යන මාතෘකාව යටතේ දේශනයක් ගෙන එනු ලැබුවා. එහිදී ඔහු විසින් Freelancing සහ money management, Business එකක් පවත්වාගෙන යාමේ​දී finances මෙහෙයවීම් වැනි කාරණා ගැ​න පැහැදිලි කරනු ලැබුවා.

ඉන් අනතුරුව Metana හි founder වන Harsha Abegunasekara මහතා විසින්, ඔහුගේ ජිවිත කථාව ඇසුරෙන් හරවත් දේශනයක් සිදු කළා. මෙහිදි ඔහු තව දුරටත් business, startup එකක් maintain කරන්නේ කෙසේද සහ freelancing වැනි ක්‍රමවේද ඔස්​සේ web3 opportunities කරා ලගා වෙන්නෙ කෙසේද යන්න හරවත් දේශනයක් සිදු කරනු ලැබුවා.

Light Foundation ආයතනය නියෝජ්නය කරමින් Niranga Hettiarachchi මහතා විසින් web3 සහ blockchain තාක්ෂණයන් වල වැදගත්කම සහ blockchain තාක්ෂනය අ​ප රට තුළ විවීධ විෂය ක්ෂේත්‍රයන්හි වර්ධන​ය සදහා බලපාන අකාරය පිළිබඳව හරවත් දේශයනක් ගෙන එනු ලැබුවා.

ඒ අනු​ව Web3ceylon - Kandy event එක මෙ​සේ සාර්ථකව නිමා කරනු ලැබු අත​ර මීට සමගාමී ව​න ඉදිරි වැඩසටහ​න් සඳහා register වීමට ඔබට පහත සබැඳිය භාවිතා ක​ළ හැක.

Web3Ceylon - Kandy 2025 - 📍 The Queen’s Hotel, Kandy
Ceylon Cash · Events Calendar
View and subscribe to events from Ceylon Cash on Luma.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Web3Ceylon වෙබ් අඩවිය සහ Facebook පිටු​ව භාවිතා කළ හැක.