ඇමරිකාව හා ඉන්දියාව විසින් මේ වන විට චීන ජංගම දුරකථන apps රැසක් වෙත සිය රටවල් තුළ ක්‍රියාත්මක වීම තහනම් කිරීමේ නියෝග නිකුත් කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති.

PUBG, Tiktok, WeChat මෙලෙස තර්ජනයට ලක් වූ ජනප්‍රියම apps කිහිපයක් වන අතර තහනම් වූ අනෙක් apps පිළිබඳව සවිස්තර වාර්තා මීට පෙර අපි ඔබට ගෙන ආවා මතක ඇති.

PUBG Mobile, APUS Launcher, Baidu ඇතුළු apps 118ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කරයි
පසුගිය ජුනි මාසයේදී ඉන්දීය රජය විසින් TikTok ඇතුළු ප්‍රසිද්ධ චීන mobile apps59ක් තහනම් කිරීමට කටයුතු කළ අතර, ඉන් පසුව නැවතත් ජුලි මාසයේදී තවත් apps 47ක්තහනම් කිරීමට කටයුතු කරනු ලැබුවා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාවතුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කට…

මේ අතර නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ ඉන්දියාව සිදු කළා හා සමානවම ඇමරිකාව විසින් ද තවත් චීන mobile apps රැසක් තහනම් කිරීම කෙරෙහි සිය අවධානය යොමු කර ඇති බවයි.

සුපුරුදු ලෙස ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති තර්ජනය හා සිය පුරවැසියන්ගේ දත්ත එකතු කර චීන රජයට ලබාදීම යන චෝදනාව යටතේ මෙම තහනම් කිරීම ද සිදු වනු ඇති බව දැනගන්නට ලැබෙනවා.

ධවල මන්දිරයේ මාණ්ඩලික ප්‍රධානී Mark Meadows විසින් මෙම තොරතුරු හෙළි කර ඇති අතර ඔහු උපුටා දක්වමින් CNBC පුවත් සේවය පවසන්නේ මෙලෙස තහනම් කෙරෙන අනෙක් apps මොනවාද යන්න පිළිබඳව තවම තොරතුරු වාර්තා නොවන බවයි.

මේ අතර චීන රජය වෙත එක්සත් ජනපදයේ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකි වෙතැයි යන බිය නිසා පසුගියදා එක්සත් ජනපදය හා හොංකොං යා කෙරෙන අන්තර්ජාල cable එකක් සම්බන්ධ ව්‍යාපෘතියක් ද Trump පරිපාලනය විසින් අත්හැර දැමීමට කටයුතු කරනු ලැබුවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ CNBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.