Pacman, Mario වගේම Doom කියන්නෙත් Video games අතර නොමියෙන නමක් තියෙන game එකක් බව ඔබ දන්නවා ඇති.

1993 වර්ෂයේ මුලින්ම නිකුත් කළ මේ game එකට මේ වන විට වසර 27ක් පමණ වන අතර, මෙහි හිමිකරු වන Bethesda ආයතනය විසින් මේ වන විට නිළ වශයෙන් widescreen සහාය එකතු කිරීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

DOOM & DOOM II Update - September 3 | Bethesda.net
A new update is available for DOOM & DOOM II on all platforms that includes QOL improvements, performance optimization,

මේ අනුව Doom සහ Doom II යන games ද්විත්වයම 16:9 screen ratio එකට නිළ වශයෙන් සහාය දක්වනු ඇති අතර, මීට අමතරව මෙහි Android සඳහා නිකුත් කර ඇති සංස්කරණය 90Hz සහ 120Hz display වලට ද සහාය දක්වනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

DOOM - Apps on Google Play
Celebrate DOOM’s 25th anniversary with the re-release of the original DOOM (1993), including the expansion, Thy Flesh Consumed, is now available on Android devices. First released in 1993, DOOM introduced millions of gamers to the fast-paced, white-knuckle, demon-slaying action the franchise is know…
DOOM II - Apps on Google Play
Celebrate DOOM’s 25th anniversary with the re-release of DOOM II. This beloved sequel to the groundbreaking DOOM (1993) gave players the brutal Super Shotgun to bear against deadlier demons, and the infamous boss, the Icon of Sin. The re-release of DOOM II includes: - The Master Levels, 20 additi…

මීට අදාල update එක මේ game එක දැනට play කළ හැකි සියළුම platform වලට නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත්, මෙය ලබාගැනීම සඳහා Bethesda.net login එකක් අවශ්‍යය නොවන බවත් ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.