Microsoft HoloLens 100,000ක් දක්වා ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 420ක් වටිනා ඇනවුමක්, Microsoft සමාගමට ලබා දීමට ඇමෙරිකානු හමුදාව කටයුතු කර තිබෙනවා.

මේ අනුව augmented reality වැඩසටහන් භාවිතා කරමින් HoloLens හරහා යුධ සෙබළුන් පුහුණු කිරීමට මෙන්ම යුධ භූමියේදී සටන් කරන අවස්ථා වලදීද මේවා භාවිතා කිරීමට ඔවුන් සූදානම් වෙනවා.

මේ augmented reality තාක්ෂණය භාවිතා කිරීමේදී සතුරා සිටින ස්ථානය හඳුනාගැනීමට, තීරණ ගැනීමට හා සතුරාට ප්‍රථමව ක්‍රියාත්මක වීමට තම සෙබළුන්ට හැකියාව ලැබෙන බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

මේ military-grade headsets දැනට පවතින HoloLens වල පෙනුමට වඩා වෙනස් විය හැකි බවත්, තාප සංවේදක හා night vision වැනි පහසුකම මෙයට එකතු කරනු ඇති බවත් මූලිකව මීළඟ වසර දෙක ඇතුලත මෙම devices 2,500ක් පමණ US Army එකට ලබා දීමට බළාපොරොත්තු වන බවත් දැනගන්නට ලැබෙනවා.

මේ දින වල චීනය වෙනුවෙන් නිර්මාණය කරනු ලබන Search පහසුකමට Google සේවකයන් එරෙහි වෙනවා මෙන්ම, Microsoft සමාගමේ සේවකයින් ද තම තාක්ෂණයන් හා නිර්මාණයන් යුධ කටයුතු වලට යොදාගැනීමට එරෙහි වී තිබෙන අතර ඒ වෙනුවෙන් පෙත්සමක් ද අත්සන් කර තිබෙනවා.

කොහොම වුණත්, තම සේවකයන්ගේ විරෝධය නොතකමින් මෙම ගිවිසුමට එකඟ වීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Bloomberg වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා නිළ Microsoft Blog එක භාවිතා කළ හැක.