ලෝකයේ ප්රමුඛ ridesharing ආශ්රිත සේවා සපයන ආයතනයක් වන Uber හි පළමු ජාත්‍යන්තර autonomous vehicle සේවා සැපයීම වීම විශේෂයක්.
ලෝකයේ ප්රමුඛ ridesharing ආශ්රිත සේවා සපයන ආයතනයක් වන Uber සහ චීන ස්වයංක්‍රීය වාහන තාක්ෂණ සමාගමක් වන WeRide ඒකාබද්ධව අබුඩාබි හි වාණිජ රොබෝටැක්සි සේවාවක් දියත් කර තිබෙනවා. මේ දියත් කිරීම Uber හි පළමු ජාත්‍යන්තර ස්වයංක්‍රීය ගමනාගමන සේවා සැපයීම වීම විශේෂයක්.
Uber සමාගම විවිධ ප්‍රවාහන අංශ ගණනාවක autonomous vehicle services සපයන ආයතන කිහිපයක් සමග හවුල්කාරි ගිවිසුම් වලට එළඹෙමින් ඉන්නවා. ඒ අතරට ride-hail, delivery, සහ trucking වගේ අංශත් Wayve, Serve Robotics, Aurora Innovation, Waabi වැනි සමාගමුත් ඇතුලත්.
කොහොම නමුත් Uber සමාගමට තවමත් සෘජුව ස්වයංක්‍රීය වාහන නිර්මාණය කරන තාක්ෂණයන් සහිත Waymo සහ Tesla වැනි සමාගම් එක්ක තරඟ කිරීමට ඇති හැකියාව ගැන ආයෝජකයන් නම් තරමක් දෙගිඩියාවෙන් පසුවන බව තමයි දැනගන්න ලැබෙන්නේ.
සරල උදාහරණයක් විදිහට Waymo සමගම මියාමි හි ඔවුන්ගේ ස්වයංක්‍රීය ටැක්සි සේවාව ආරම්භ කරන බව නිවේදනය කිරීමත් එක්ක කොටස් වෙළඳපොලේ Uber කොටස් 10% කින් පමණ පහත වැටුණා.
මේ පහත වැටීම සිදු වුනත් මෙවැනි Autonomous සේවාවන් ridesharing සේවාවන් සපයන Uber වැනි ආයතන (කර්මාන්තයක් ලෙස පොදුවේ ගත් විට) වෙත දැඩි බලපෑමක් එල්ල කිරීමට නම් තවත් කාලයක් ගත වේවි.
සමහරවිට නුදුරේදීම Uber එවැනි robotaxis වෙත මගීන් සම්බන්ධ කරන platform එකක් බවට පත් වෙන්නත් ඉඩ තියෙනවා.
කොහොම නමුත් Uber සහ WeRide එක්ව සිදු කරන මේ දියත් කිරීම Nasdaq වෙත ප්‍රසිද්ධියට පත් කෙරුනේ නම් පසුගිය ඔක්තෝම්බර් මාසයෙයි.
The Nasdaq Stock Market
The Nasdaq Stock Market (National Association of Securities Dealers Automated Quotations) යනු නිව් යෝර්ක් නගරයේ පිහිටි ඇමරිකානු කොටස් හුවමාරුවකි.
Techcrunch වෙත අදහස් දැක්වූ Uber නියෝජිතයෙකුට අනුව මේ දියත් කිරීම මුලිකව කුඩා පරිමාණයෙන් සිදු කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.
Uber හෝ WeRide විසින් මුලින් අබුඩාබි වීදිවලට කොපමණ ස්වයංක්‍රීය ටැක්සි ප්‍රමාණයක් පැමිණේදැයි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.
මෙහි මුලික අදියර Saadiyat Island, Yas Island අතර සහ Zayed ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ ඉන් පිටතට යන මාර්ග ඔස්සේ සිදු කෙරෙන අතර, අනාගතයේදී එය පුළුල් කිරීමට සමාගම් දෙකේ සැලසුමයි.
මුලික අදියරේදී මෙම robotaxis සමග ඔබට මිනිස් අධීක්ෂක වරයෙක් ලැබෙනු ඇතියි. කොහොම නමුත් 2025 අවසන් කාර්තු එළඹෙද්දී සම්පුර්ණයෙන්ම මිනිස් අධිෂණයෙන් තොරව මෙම සේවාව ලබා දීම තමයි ඔවුන්ගේ අරමුණ.
Uber හා WeRide මේ සේවාව ලබාදීම සඳහා Tawasul Transport හා අත්වැල් බැඳගන්න තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා uber.com වෙබ් අඩවිය සහ techcrunch.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.