ඔයාලට මතක ඇති අපි කළින් article එකකිනුත් මේ Twitter වල content පිළිබඳව මෑත කාලීනව සිදු කරගෙන යන වෙනස්කම් ගැන කතා කළා.

ඔන්න දැන් Twitter එකෙන් සිදු කර තිබෙන අළුත්ම වෙනස්කම තමයි, ඔයා ඔයාගේ Twitter account එකේ display name එක Elon Musk කියලා වෙනස් කළහොත්, ඔයාගේ Twitter account එක phone number එකක් ඇතුලත් කර verify කර නැති නම්, ක්ෂණිකවම lock කිරීමට කටයුතු කිරීම.

වාර්ථා වන ආකාරයට මෙම තීරණය ගැනීමට ආසන්නතම හේතුව වශයෙන් සැළකෙන්නේ Elon Musk නමින් පෙනී සිටිමින් Tesla සමාගමෙන් ලබා දෙන තෑග්ගක් ආකාරයට cryptocurrency එකක token විකිණීම වෙනුවෙන් bots ලා යොදාගෙන spam කිරීමට යම් පුද්ගලයින් පිරිසක් කටයුතු කිරීමයි.

twitter-will-lock-your-account-if-you-change-your-display-name-to-elon-musk-tech-news-sinhala

ඉතින් මේ විදිහට lock වුණොතින් CAPTCHA test එකකින් pass වෙලා, ඔයාගේ phone number එක Twitter එකට add කරලා, ඒ හරහා Twitter account එක verify කිරීමෙන් පසුව තමයි ආයෙත් ඒකට log වෙන්න ඔයාට අවස්ථාව ලැබෙන්නේ.

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් වලින් පෙනී සිටිමන් spam හෝ වෙනත් අකටයුතුකම් කිරීම අවම කිරීමට Twitter සමාගම මේ හරහා ඉදිරියේදී කටයුතු කරන බවත් මෙය එහි එක් පියවරක් බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

කොහොම නමුත් ඔබගේ අනන්‍යතාවය සහතික කිරීමෙන් පසුව Elon Musk යන නම යටතේ තවදුරටත් පෙනී සිටීමට ඔබට අවස්ථාව ලැබෙන අතර මේ වෙනුවෙන් වෙනත් ආකාරයක විසඳුමක් ඉදිරිපත් කිරීමට Twitter සමාගම අනාගතයේදී කටයුතු කරන බවත්, cybersecurity පිළිබඳව වන Smyte නම් වූ ආයතනයක් මේ වෙනුවෙන්ම මිළට ගැනීමට කටයුතු කළ බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.