Twitter live streams කියන්නේ මේ වෙනකොට Twitter වල ගොඩක් ජනප්රිය අංගක් බව අමුතුවෙන් කිවයුතු නෑ.
ඉතින් ඔයාලාට මතක අැති මීට දින කීපයකට ඉහතදී ඉතිහාසයේ ප්රථම වතාවට Apple event එකද twitter හරහා live නැරඔීමේ හැකියාව ලබා දුන්නු බවද අප ඔබට කලින් ලිපියකින් දැනුවත් කලා.

ඉතින් Twitter App එක භාවිතා කරන්නන්ට ලබා දීමට යන මේ අලුත් Feature එක මගින් ඔබ Follow කරන පුද්ගලයන් live streams සිදු කරනු ලබන විට එය ඔබගේ Feed එකේ උඩින්ම පෙන්වීමට කටයුතු කරනවා.
We’re making it easier to find and watch live broadcasts. Now, when accounts you follow go live, the stream will appear right at the top of your timeline.
— Twitter (@Twitter) September 13, 2018
Catch breaking news, your favorite personalities, and can't-miss sports moments. Rolling out now on iOS and Android. pic.twitter.com/gka2NDHGDX
මේ feature එක Twitter සමාගම විසින් මීට පෙර හදුන්වා දීමට කටයුතු කළ "Happening Now" feature එකට සමානකම් දක්වන අතර මේ පිළිබඳව නිළ Twitter ගිණුමෙහි පණිවුඩයක් තබමින් සඳහන් කර තිබුණේ මේ පහසුකම Android සහ iOS වලට අදාල Twitter apps සඳහා නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බවයි.